01

E   |     |  

 දිනය: 2025-09-10   පිළිතුර ලබා දී ඇත 

0117/2025: වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්: වැටුප් සහ දීමනා

117/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් කවරේද;

              (ii)      පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ වනවිට ගෙවනු ලබන වැටුප් හා දීමනා කවරේද;

(iii) වැටුප් හා දීමනා නොගන්නා මන්ත්‍රීවරුන්ගේ නම් කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-10

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)   (අ)   (i)     ඇමුණුම I මඟින් ඉදිරිපත් කර ඇත.

                         ඇමුණුම I සභාගත* කරමි.

         (ii)      ·    මාසික දීමනාව - රුපියල් 54,285යි.

                   ·     මාසික සංග්‍රහ දීමනාව - රුපියල් 1,000යි.

                   ·    රියැදුරු දීමනාව - මාසිකව රුපියල් 3,500යි.

                        (මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් රියැදුරෙකු ලබාගතහොත් එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව මඟින් රියැදුරු දීමනාවක් ගෙවනු නොලැබේ.)

· දුරකථන දීමනාව - රුපියල් 50,000යි.

· ප්‍රවාහන දීමනාව - රුපියල් 15,000යි.

· කාර්යාල දීමනාව - රුපියල් 100,000යි. 

· රැස්වීම් දීමනාව - දිනකට රුපියල් 2,500යි.

(පාර්ලිමේන්තු රැස්වීම් දිනකට සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500 බැගින් ගෙවනු ලැබේ.)

· කාරක සභා දීමනාව - දිනකට රුපියල් 2,500යි.

(පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනයකදී කාරක සභා රැස්වීමකට සහභාගි වීම සඳහා එක් දිනකට රුපියල් 2,500 බැගින් ගෙවනු ලැබේ.)

· ඉන්ධන දීමනාව

එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ඔවුන් නියෝජනය කරන මැතිවරණ දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තුවේ සිට ඇති දුර ප්‍රමාණය පදනම් කරගෙන සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කර ගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙළෙඳ පොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව,  ඇමුණුම IIහි සඳහන් ආකාරයට, ඉන්ධන දීමනාව ගෙවනු ලැබේ.

 

(iii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වැටුප් හා දීමනා ලබා නොගන්නා බවට, 2025.08.20 දිනැති ලිපිය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නයන වාසලතිලක මහතා විසින් කරන ලද ලිඛිත දැනුම් දීම අනුව 2025 අගෝස්තු මස සිට වැටුප් හා දීමනා ගෙවීම නතර කර ඇත.

තවද, පාර්ලිමේන්තුව මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ටම ගෙවනු ලබන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට ඇමුණුම IIIහි සඳහන් කර ඇති ගරු අග්‍රාමාත්‍යතුමිය, ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා, ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී ඇති අතර මේ වන විට ඔවුන්ට එම ඉන්ධන දීමනාව පාර්ලිමේන්තුවෙන් ගෙවනු නොලැබේ.  

 

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks