පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-25
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වන තෙක් පත් කරන ලද කොමිෂන් සභා සංඛ්‍යාව 01කි.
ඒ අනුව, විමර්ශන කොමිෂන් සභා පනතේ 21 වන වගන්තියේ (393 වන පරිච්ඡේදයේ) විධි විධානයන්ට අනුව 2019 සැප්තැම්බර් 21 වන දින ශ්‍රේෂ්‍ඨාධිකරණ විනිශ්චයකාර ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා වාර්තාව 2021.02.22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2021.02.25 දිනැතිව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.
එසේම උක්ත වාර්තාව,-
එසේම උක්ත වාර්තාව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති බැවින්, එය පරිශීලනය කර අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.
(ii) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා වාර්තාව,-
(අ) (ii) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා වාර්තාව,-
(ii) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා වාර්තාව, මේ වන විට නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් ඔහුගේ නිර්දේශ ලබා දීමට කටයුතු කරමින් පවතී. එසේම, පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම යටතේ විමර්ශන සිදු වෙමින් පවතී. එපමණක් ද නොව, අධිකරණයේ විවිධ පෙත්සම්කාර පාර්ශ්ව විසින් ගොනු කරන ලද නඩු විභාග වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ, විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත පමණක් පදනම්ව සිය රාජකාරි වගකීම නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති නිලධාරින්ගේ තොරතුරු අනාවරණය කිරීම දැනට සිදු කෙරෙන විමර්ශන සහ නඩු කටයුතුවලට බාධාවක් වන බව පෙනී යයි. එබැවින්, එම තොරතුරු මෙම සභාවට මේ මොහොතේ දී හෙළිදරව් කිරීමේ ගැටලුවක් පවතී. කෙසේ වෙතත්, වාර්තාව පරිශීලනය කිරීමට ඕනෑම අයෙකුට නිදහස තිබේ.
(iii) නීතිපතිවරයා විසින් කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබා දෙන නිර්දේශ මත පදනම්ව පාස්කු ඉරුදින ප්‍රහාරයට වග කිව යුතු සියලු පාර්ශ්ව සම්බන්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පසුව වරදකරුවන් වන සියලු පාර්ශ්වයන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද වත්මන් රජය නොපැකිළව කටයුතු කරන බව සඳහන් කළ යුතු වේ. එහිදී, වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරින් සිටී නම් ඔවුන්ටද නීතිය එක හා සමානව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks