පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
113/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගී ප්‍රවාහනය තුළින් හා භාණ්ඩ ප්‍රවාහනය තුළින් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
මගී හා භාණ්ඩ ප්‍රවාහනය තුළින් උපයන ලද ආදායම් |
|
2015 |
මගී ප්‍රවාහනය - රුපියල් 5,144,357,171.29 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 567,549,519.79 |
|
2016 |
මගී ප්‍රවාහනය - රුපියල් 5,236,526,322.52 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 583,524,412.23 |
|
2017 |
මගී ප්‍රවාහනය - රුපියල් 5,357,913,713.46 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 600,385,417.33 |
|
2018 |
මගී ප්‍රවාහනය - රුපියල් 5,933,282,779.50 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 628,048,629.19 |
|
2019 |
මගී ප්‍රවාහනය - රුපියල් 6,394,844,929.45 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 560,702,640.70 |
|
2020 |
මගී ප්‍රවාහනය - රුපියල් 3,481,536,563.15 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 453,862,162.58 |
|
2021 |
මගී ප්‍රවාහනය - රුපියල් 1,606,842,920.03 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 490,458,840.60 |
|
2022 |
මගී ප්‍රවාහනය - රුපියල් 8,486,241,020.72 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 1,004,155,715.96 |
|
2023 |
මගී ප්‍රවාහනය - රුපියල් 13,239,174,994.94 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 1,993,700,945.89 |
|
2024 |
මගී ප්‍රවාහනය - රුපියල් 13,748,664,705.98 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 1,778,989,046.20 |
|
2025 |
මගී ප්‍රවාහනය - රුපියල් 4,788,581,687.13 |
|
|
භාණ්ඩ ප්‍රවාහනය - රුපියල් 734,706,420.07 |
(ii) ඔව්.
· වර්තමානයේ සියයට 5ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේදී පසු අස්වනු හානියට ලක්වන කෘෂි නිෂ්පාදන (විශේෂයෙන් එළවලු) දුම්රිය මඟින් ප්‍රවාහනයට ඇති ශක්‍යතාව ගණනය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස 2025 වසරේ අය වැයෙන් ලබා දී ඇති රුපියල් මිලියන 500 උපයෝගී කර ගනිමින් උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගෙන කෘෂි නිෂ්පාදන දුම්රිය මඟින් ප්‍රවාහනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.
· කන්කසන්තුරේ සිට දිවයින පුරා දුම්රිය ස්ථාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කර ඇත. කන්කසන්තුරේ තෙල් පර්යන්තය දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (සංඥා හා විදුලි) සහ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දන්වා ඇත.
· වනවාසල සිට අරුවක්කාලු දක්වා යන ඝන අපද්‍රව්‍ය ප්‍රවාහන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරමින් පැවතීම.
· රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ මගී හා භාණ්ඩ ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වීම. මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (යාන්ත්‍රික)ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පිහිටුවා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks