E   |     |  

 දිනය: 2026-03-06   පිළිතුර ලබා දී ඇත 

0107/2026: ලංකා විදුලිබල මණ්ඩලය: 2015 සිට ලැබූ ලාභය හෝ අලාභය

107/2024

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)        (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභය හෝ අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      අලාභ ලබා තිබේ නම්, ඒ සඳහා බලපෑ හේතු කවරේද;

(iii) විදුලිබල මණ්ඩලය මේ වනවිට ලාභ ලබන්නේ නම්, එමඟින් විදුලි පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා විදුලිබල මණ්ඩලය විසින් සමාගම්වලට ගෙවා ඇති මුදල් ප්‍රමාණය කොපමණද;

(ii) එම සමාගම් සමඟ ඇති කර ගත් ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනයක් හෝ ඇගයීමක් සිදු කර තිබේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ස්ථාවරය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-03-06

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

වර්ෂය

ලාභය/(අලාභය) (රුපියල් මිලියන)

2015

20,002.42

2016

(13,497.34)

2017

(45,961.07)

2018

(28,916.07)

2019

(85,348.19)

2020

(53,883.85)

2021

(21,450.37)

2022

(261,868.69)

2023

61,235.68

2024

144,394.48

2025

(38,739,948)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     (ii) 2015 වසරේ සිට ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ අලාභයන්ට ප්‍රධාන හේතුව වන්නේ 2014 වසරේ සිට 2022 වසර දක්වා විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමයි. වසරින් වසර ඉන්ධන මිල ගණන් හා විනිමය අනුපාත උච්ඡාවචනය වුවද පාරිභෝගික විදුලි ගාස්තු අගයන්, ඊට සමගාමීව මහජන උපයෝගිතා කොමිසම විසින් සංශෝධනය නොකළ බැවින් මෙම පාඩුවලට හේතු වන බව නිරීක්ෂණය වේ. ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

      (iii) දැනට ලංකා විදුලිබල මණ්ඩලය ලාභයක් උපයන්නේ නැත. යම්කිසි ලාභයක් උපයාගන්නා ලද්දේ නම්, එය විදුලි ගාස්තු සංශෝධන මඟින් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලෙස ලබා දෙනු ඇත.

(ආ) (i) "විදුලිබල මණ්ඩලය විසින් සමාගම්වලට ගෙවා ඇති" යන්නෙහි "සමාගම්" ලෙස අදහස් කරන්නේ කුමන සමාගම්ද යන වග පැහැදිලි නැති බැවින් ඍජු පිළිතුරක් ලබා දිය නොහැක.

      (ii) "විදුලිබල මණ්ඩලය විසින් සමාගම්වලට ගෙවා ඇති" යන්නෙහි "සමාගම්" ලෙස අදහස් කරන්නේ කුමන සමාගම්ද යන වග පැහැදිලි නැති බැවින් ඍජු පිළිතුරක් ලබා දිය නොහැක.

     (iii) "විදුලිබල මණ්ඩලය විසින් සමාගම්වලට ගෙවා ඇති" යන්නෙහි "සමාගම්" ලෙස අදහස් කරන්නේ කුමන සමාගම්ද යන වග පැහැදිලි නැති බැවින් ඍජු පිළිතුරක් ලබා දිය නොහැක.

(ඇ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2026-05-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks