පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
100/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(ii) රජය විසින් මෙවර මිලදී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(iii) එම වී තොග ගබඩා කරනු ලබන ස්ථාන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වී මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති අවම මිල එක් එක් වී වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම මිල ක්‍රියාත්මක කරනු ලබන කාල සීමාව කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-12-18
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) * වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම
* දිස්ත්‍රික් ලේකම්වරු හරහා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මඟින් මිලදී ගැනීම
* භාණ්ඩාගාරයේ ආධාර මත ඔඩපන ණය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මඟින් මිලදී ගැනීම
* සමුපකාර හා ගොවි සංවිධාන මඟින් මිලදී ගැනීම
(ii) මෙ.ටො. ලක්ෂ 3ක් පමණ.
(iii) ඇමුණුමෙහි** දක්වා ඇත.
(ආ) (i) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් 2024/25 මහ කන්නයේ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් සමීක්ෂණයක් පවත්වා ඒ අනුව එම නිෂ්පාදන වියදමට 30%ක ලාභයක් එකතු කර ඒ ඒ වී වර්ගය අනුව අවම මිල තීරණය කරයි.
(ii) 2024/25 මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වූ දින සිට අස්වනු නෙළීම අවසන් වන දින දක්වා (2025 ජනවාරි 15 සිට අප්‍රේල් 30)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks