01

E   |     |  

 දිනය: 2025-04-25   පිළිතුර ලබා දී ඇත 

0095/2025: ප්‍රධාන වරායන්: 2015 සිට ආදායම සහ වියදම

----

අසන ලද දිනය

2025-04-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1.     කොළඹ වරාය

                        2.     ගාල්ල වරාය

                        3.     හම්බන්තොට වරාය

                        4.     ත්‍රිකුණාමලය වරාය

                        5.     ඔළුවිල් වරාය

                  6.     කන්කසන්තුරය වරාය

                        7. ‍    පේදුරු තුඩුව වරාය

                        8.     මන්නාරම් ජැටිය

                        9.     පුත්තලම (නො‍රච්චෝලය)

(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා  එක් එක් වරායේ ආදායම හා වියදම වෙන් වෙන්ව ඇමුණුමෙහි දක්වා ඇත.  

ගරු කථානායකතුමනි, කොළඹ වරායේ 2024 වර්ෂයේ ආදායම බිලියන 99ක්, බදුවලට පෙර වියදම බිලියන 56ක්. තව විස්තර තිබෙනවා. 2023දී කොළඹ වරායේ ආදායම බිලියන 89යි, වියදම බිලියන 50යි. 2022 වර්ෂයේ  කොළඹ වරායේ revenue එක බිලියන 94යි, වියදම බිලියන 39, බදුවලට පෙර. Trincomalee Port එකේ 2024දී ආදායම බිලියන 2.8යි, වියදම බිලියන 1.5යි. 2023දී ආදායම බිලියන 2.4යි, වියදම බිලියන 1.3යි. 2022දී ආදායම බිලියන 2.7යි, වියදම බිලියන 1.1යි.

ගාල්ල වරාය ගත්තොත්, 2024දී ආදායම රුපියල් මිලියන 907යි, වියදම මිලියන 958යි. 2023දී ආදායම බිලියන 1.5යි, වියදම මිලියන 842යි. 2022දී ආදායම බිලියන 1.4යි, වියදම බිලියන 1.3යි.

(iii) කොළඹ වරාය

කොළඹ වරායේ ඉල්ලුම සපුරාලීම සඳහා 2032 වර්ෂයේ දී ක්‍රියාත්මක කළ යුතු බටහිර බහලු පර්යන්තය - II සංවර්ධනය කිරීමට ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා. අපි දැනට ඒ සම්බන්ධයෙන් ආයෝජන කැඳවීම් කරන්න තීන්දු කර තිබෙනවා, ගරු කථානායකතුමනි. ඊට පසුව කොළඹ උතුරු වරාය - Colombo North Port එක- සම්බන්ධව අපි ශක්‍යතා අධ්‍යයනය සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා. එහි මූලික තාක්ෂණික සහ feasibility study reports සකස් කිරීමේ ක්‍රියාවලියට අවුරුදු 2ක් විතර ගත වෙනවා. එය ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව, කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නැ‍ඟෙනහිර පර්යන්තයේ කටයුතුවලින් අවම වශයෙන් සියයට 50ක් අවසන් කිරීමට මේ වසර තුළදී සැලසුම් කර ක්‍රියාත්මක කරගෙන යනවා. තවත් මාස කිහිපයකින් අපි විශ්වාස කරනවා, ඒ තත්ත්වයට එන්න පුළුවන් කියලා.

ගාල්ල වරාය

ආයෝජන ආකෘතියක් යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලැස්මක් හදා තිබෙනවා. නමුත්, ඒ සැලැස්ම අංග සම්පූර්ණ සැලැස්මක් නොවෙයි. එය පාරිසරික සහ සමාජයීය ප්‍රශ්න රාශියක් ඉස්සරහායි තිබෙන්නේ. එම නිසා දැනට එය පුළුල් වශයෙන් ක්‍රියාවට නැ‍ඟෙන එකක් විධියට නොවෙයි තිබෙන්නේ, ගරු කථානායකතුමනි.

ත්‍රිකුණාමලය වරාය

ත්‍රිකුණාමලය වරායට යාබදව පිහිටි අතිවිශාල ප්‍රදේශයෙහි ඉඩම් ප්‍රමාණය එහි logistics සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා අපි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ යනාදි විධියට තමයි ත්‍රිකුණාමලය වරාය ගැන කෙටියෙන් කියන්න තිබෙන්නේ, මේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන්.

කන්කසන්තුරය වරාය

කන්කසන්තුරය වරායට අදාළව ගත්තොත්, එහි ජැටිය ගොඩනැඟීමේ කටයුතු අපි කරගෙන යනවා. එය ව්‍යාපාරික වරායක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනවලින් අසමත් වී තිබෙනවා. එහි දියකඩනය වාගේ දේවල් ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමකත් තිබෙනවා. ඒ නිසා අපි එය පුළුල් සංවර්ධන ව්‍යාපෘතියකට ලක් කර නැහැ, ගරු කථානායකතුමනි. අපි දැනට කර්මාන්ත අමාත්‍යාංශයේත්, ආයෝජන මණ්ඩලයේත් ඉල්ලීම මත කන්කසන්තුරය වරායත්, සිමෙන්ති කම්හල ආශ්‍රිතව ගොඩනඟන්න බලාපොරොත්තු වන කර්මාන්තපුරයත් සම්බන්ධ කර logistics hub එකක් විධියට දියුණු කරන්න කටයුතු කරනවා.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks