බලන්න

04

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0090/2025: 2015 සිට සහල් ආනයනය: විස්තර

90/2024

ගරු කිංස් නෙල්සන් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය කොපමණද;

             (ii)       ඒ සඳහා වැය කරන ලද මුදල කොපමණද;

            (iii)       එම සහල් ආනයනය කරන ලද රටවල් කවරේද;

(iv) එම සහල් ආනයනය කරන ලද ආයතන කවරේද;

(v) සහල් ආනයනය අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

වර්ෂය

ආනයනය කළ ප්‍රමාණය (මෙට්‍රික්‍ ටොන්)

2015

285,604.2

2016

29,524.0

2017

747,800.0

2018

248,900.9

2019

24,192.7

2020

15,770.3

2021

147,091.3

2022

783,420.0

2023

29,605.6

2024 ජනවාරි සිට 2025 ජනවාරි 20 දක්වා

176,000

 

 

(ii)

වර්ෂය  

CIF වටිනාකම

රුපියල්

රුපියල් මිලියන

2015

17,956,036.95

17.96

2016

1,871,762.00

1.87

2017

45,881,279.14

45.88

2018

16,678,873.56

16.68

2019

2,292,500.44

2.29

2020

1,936,087.68

1.94

2021

14,680,281.20

14.68

2022

87,422,715.63

87.42

2023

5,602,763.68

5.60

ජනවාරි සිට ‍නොවැම්බර් දක්වා 2024

12,419,542.68

 

 

2024 ජනවාරි සිට 2025 ජනවාරි දක්වා CIF වටිනාකම රුපියල් මිලියන 24,278යි.

(iii)

අනු අංකය

ආනයනික රට

1

ඉන්දියාව

2

මියන්මාරය

3

පාකිස්ත‍ානය

4

චීනය

5

බංග්ලාදේශය

6

තායිලන්තය

7

ඇමෙරිකා එක්සත් ජනපදය

8

ඉන්දුනීසියාව

9

සිංගප්පූරුව

10

වියට්නාමය

11

චීන තායිපේ

12

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

13

මලයාසියාව

14

ඕස්ට්‍රේලියාව

15

කාම්බෝජය

16

ඉතාලිය

17

හොංකොං (චීන)

18

දකුණු කොරියාව

19

වෙනිසියුලාව

20

ජපානය

21

මාලදිවයින

22

ජර්මනිය

23

එක්සත් රාජධානිය

24

කටාර්

 

(iv) ගරු කථානායකතුමනි, අදාළ ආනයනකරුවන් කවුද කියන ප්‍රශ්නයට අදාළව පිටු 25ක, 30ක විතර ලේඛනයක් තිබෙනවා. ඊට අදාළ පිළිතුර සීඩී පටයෙහි තිබෙනවා. එම සීඩී පටය මම මේ අවස්ථාවේදී සභාගත* කරනවා.

 

(v) මේ වසර තුළ මෙන්ම පසුගිය ආසන්න වසරවල ආනයනික දත්ත සැලකූ විට 2015, 2017, 2018, 2021 හා 2022 වසරවල  සැලකිය යුතු ප්‍රමාණවලින් සහල්ආනයනය කර ඇත.

ප්‍රධාන සහල් ආනයනය කරනු ලබන රටවල් ඉහත (අ) (iii) මඟින් දක්වා ඇති අතර, ශ්‍රී ලංකා රේගුවේ දත්තයන් තුළ රටේ ජනතාවගේ සාමාන්‍ය පරිභෝජනය සඳහා ආනයනය කළ ප්‍රමාණයන්ට අමතරව, ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති විදේශ තානාපති/මහ කොමසාරිස් කාර්යාල විසිනුත් ඔවුන්ගේ රටවලින් සහල් ගෙන්වලා තිබෙනවා.

පරිභෝජනය උදෙසා ඔවුන්ගේ මෙරට පිහිටා ඇති සමහර restaurantsවලට, හෝටල්වලට සහල් ගෙනැල්ලා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, විශේෂ අවශ්‍යතාවන් සලකා Jasmine Rice, Basmati Rice සහ Sticky Rice වැනි විශේෂ සහල් වර්ග සුදුසු පරිදි ආනයනය කිරීම සඳහා ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අවසර දීම සිදු කරනු ලබනවා. ඒ කියන්නේ විවිධ තානාපති කාර්යාල සහ restaurantsවලට ඒ ඒ රටවල තිබෙන විශේෂ සහල් වර්ග ගෙන්වන්න ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අවසර ලබා දීලා තිබෙනවා. බාස්මතී ඇතුළු සහල් ප්‍රමාණයක් වාර්ෂිකව අපේ රටට එනවා.

අප අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සමීක්ෂණයන්ට අනුව 2024 වර්ෂයේ දෙසැම්බර් මස වනවිට සහල් හිඟයක් ඇති විය හැකි බව හඳුනා ගත් නිසා, 2024.12.08 දින සිට 2025.01.10 දක්වා කාලය තුළ සහල් මෙට්‍රික් ටොන් 169,470ක් ආනයනය කරලා තිබෙනවා.

එසේ වුවද, නව රජයේ ප්‍රතිපත්තිය වනුයේ දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කර සහල් ආනයනය අවම කිරීම වන අතර, ඒ අනුව ඉදිරි කාලය තුළ සහල් ආනයනය අවම කිරීම සඳහා මෙතෙක් රට තුළ සහල් හිඟවීමට බලපෑ කාරණා ද සැලකිල්ලට ගෙන නව වැඩ පිළිවෙළක් සකස් කිරීමටත්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතන විසින් අවශ්‍ය කටයුතුත් කරගෙන යනු ලබනවා. ඒ වාගේම වී තොගයක් මිලදී අරගෙන යම් ප්‍රමාණයකට වෙළෙඳ පොළ පාලනය කිරීම සඳහාත් අප රජය විසින් මැදිහත් වෙනවා.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks