පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2643/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් පරිදි වයස අවුරුදු 65 ඉක්මවන සෑම පුද්ගලයකුටම විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේද;
(ii) එසේ නම්, එම ක්‍රමවේදය පිළිබඳව විස්තර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-28
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
එහෙත් 2012 අය වැය යෝජනා යටතේ අවුරුදු 70 සම්පූර්ණ වූ අඩු ආදායම්ලාභි වැඩිහිටි පුද්ගලයෙකුට රු. 1000/-ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.
(ii) මහජනාධාර හෝ තනි පුද්ගල සමෘද්ධි ආධාර ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙම දීමනාව ගෙවනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ෆීලික්ස් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks