E   |     |  

 දිනය: 2025-01-09   පිළිතුර ලබා දී ඇත 

0087/2025: රජය සතු ගුවන්විදුලි ආයතන: 2015 සිට ලැබූ ලාභ/අලාභ

87/2024

ගරු කිංස් නෙල්සන් මහතා,—  සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)         (i)       රජය සතු ගුවන්විදුලි ආයතන සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවායේ නම් කවරේද;

           (iii)       එම එක් එක් ආයතනයේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv) 2015 වර්ෂයේ  සිට මේ දක්වා එම එක් එක් ආයතනය ලැබූ ලාභ/අලාභ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සඳහන් ආයතන අලාභ නොලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-09

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        (i)     2යි.

 

                (ii)     1.  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

                        2.  ලක්හඬ සහ වසන්තම් FM (සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් ක්‍රියාත්මක වේ.)

               (iii)    

ආයතනයේ  නම

 ස්ථිර සේවකයන්

කොන්ත්‍රාත් සේවකයන්

මුළු සේවක සංඛ්‍යාව

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

291

61

352

ලක්හඬ ගුවන්විදුලිය

40

 -

   45

වසන්තම් FM

05

 -

 

(iv)

    රුපියල් මිලියන

වර්ෂය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය

 

 

ලක්හඬ

වසන්තම් FM

2015

(294.49)

(68.6)

(16.3)

2016

(314.04)

(63.0)

(9.0)

2017

(276.14)

(37.0)

(1.9)

2018

(380.13)

(42.9)

(8.2)

2019

(394.37)

(55)

(6.0)

2020

(454.13)

(54.3)

(13.0)

2021

(335.71)

(41.3)

(10.4)

2022

(236.39)

(44.5)

(5.1)

2023

(532.42)

(27.8)

4.7

2024

(71.57) 2024/09/30 දිනට

(24.8) 2024 ඇස්තමේන්තුගත

3.7 2024 ඇස්තමේන්තුගත

 

(v) ඔව්.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අලාභ ලබන තත්ත්වයක සිට ලාභ ලබන තත්ත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වත් මණ්ඩලයකින් යුත් විශේෂ කමිටුවක් පත් කර එම කමිටුව මඟින් යෝජනා කරනු ලබන යෝජනා අනුව ගුවන්විදුලි සංස්ථාව ඉදිරියේදී ස්වයං මූල්‍ය උත්පාදිත ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

 

සී/ස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය

ලක්හඬ සහ වසන්තම් FM ගුවන්විදුලි නාලිකා ඉදිරියේ දී ලාභ ලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා වන උපායමාර්ගික සැලසුම් සකස් කරමින් පවතී. ඊට අමතරව ආදායම් වර්ධනය සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.

 

 

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2025-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks