පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-02-07
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රධාන වර්ග 09කි.
(ii) * වගා රක්ෂණ යෝජනා ක්‍රම
1. වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, මිරිස් හා සෝයා යන භෝග පහ සඳහා රජයේ දායකත්ව යටතේ ගොවීන් වෙත ක්‍රියාත්මක, ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය - National Crop Insurance Scheme
2. වගා ණය රක්ෂණ යෝජනා ක්‍රම - Crop Loan Insurance Schemes
3. සියලුම භෝග සඳහා වාරික අය කිරීමක් සහිතව ක්‍රියාත්මක වගා රක්ෂණ යෝජනා ක්‍රම - Voluntary Crop Insurance Schemes
* පශු රක්ෂණ යෝජනා ක්‍රම
4. පශු රක්ෂණ යෝජනා ක්‍රම
* සාමාන්‍ය රක්ෂණ යෝජනා ක්‍රම
5. කෘෂි උපකරණ රක්ෂණ යෝජනා ක්‍රමය
6. සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය
7. හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමය
8. ගබඩා රක්ෂණ යෝජනා ක්‍රමය
9. රෝද 2, රෝද 4 ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මිකයන්ගේ චංචල දේපොළ සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය
(iii) * වගා රක්ෂණ යෝජනා ක්‍රම
- රජයේ දායකත්වය යටතේ ක්‍රියාත්මක, ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රම - National Crop Insurance Schemes
උදා: වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, මිරිස් හා සෝයා යන භෝග
- වගා ණය රක්ෂණ යෝජනා ක්‍රම - Crop Loan Insurance Schemes
උදා: ප්‍රධාන බෝග වර්ග 6 ඇතුළු වගා ණය ඉල්ලුම් කරනු ලබන සියලුම භෝග සඳහා - NCRCS ණය ලබා දෙනු ලබන භෝග)
- සියලුම භෝග සඳහා වාරික අය කිරීමක් සහිතව ක්‍රියාත්මක වගා රක්ෂණ යෝජනා ක්‍රම - Voluntary Crop Insurance Schemes
මේ යටතේ, ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන සියලුම බෝග සඳහා වෙළෙඳ පොළ ඉල්ලුම අනුව රක්ෂණ යෝජනා ක්‍රම සකස් කර හඳුන්වා දෙනු ලැබේ.
බිම්මල්
* පශු රක්ෂණ යෝජනා ක්‍රම
උදා: ගවයන් හා වැස්සි පැටවුන්, එළුවන්, බැටළුවන්, සුරතල් සතුන්
* සාමාන්‍ය රක්ෂණ යෝජනා ක්‍රම
(ආ) (i)
|
වර්ෂය |
ගෙවන ලද වන්දි මුදල (රුපියල් මිලියන) |
|
2015 |
1,096 |
|
2016 |
388 |
|
2017 |
5,633 |
|
2018 |
2,957 |
|
2019 |
2,157 |
|
2020 |
1,900 |
|
2021 |
1,639 |
|
2022 |
701 |
|
2023 |
2,122 |
|
2024 |
1,794 |
|
2025 ජනවාරි |
86 |
(ii) • රජයේ දායකත්ව යටතේ ගොවීන් වෙත නොමිලේ ක්‍රියාත්මක, ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා රාජ්‍ය අයවැය මඟින් ප්‍රතිපාදන සැපයේ.
ඉතිරි රක්ෂණ ක්‍රමවලට ඒ සඳහා අයකර ගන්නා දායක මුදල්වලින් තමයි ඒ රක්ෂණ ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යන්නේ.
• ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය වන වගාවන් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන්, අක්කරයට වගා හානිය අනුව නිර්දේශ වන වන්දි මුදලේ මුල් රුපියල් 10,000ක මුදල ජාතික රක්ෂණ භාර අරමුදලේ ස්ථාපිත, වගා බදු අරමුදලෙන් මණ්ඩලයට ලබා දෙනු ඇත. එසේම, අක්කරයට උපරිමය රුපියල් 40,000 දක්වා වන වන්දි මුදලෙන් ඉතිරිය රජයේ ප්‍රතිපාදන ලෙස මණ්ඩලයට ලැබෙන අතර, එමඟින් ගොවීන් වෙත වන්දි මුදල් නිදහස් කරනු ලැබේ. මේ සඳහා 2017/18 මහ කන්නයේ සිට සෑම වර්ෂයකදීම අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කරනු ලබයි.
• අනෙකුත් රක්ෂණ යෝජනා ක්‍රම සඳහා රක්ෂිතයාගෙන් අය කරනු ලබන වාරික මුදල් ආයෝජනය මඟින් ප්‍රතිපාදන සම්පාදනය කෙරේ.
(iii) • ක්‍රමිකව ගොවියාගේ හා රාජ්‍ය දායකත්වය සහිත සඵලදායී රක්ෂණ යෝජනා ක්‍රමයක් ලෙස පවත්නා රක්ෂණ යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම.
• මූල්‍ය ස්ථාවරත්වයක් යටතේ ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ගොවීන් දායක කර ගැනීම
• මණ්ඩලීය කෘෂි රක්ෂණ වගා හානි ඇස්තමේන්තු කිරීම හා වන්දි ගෙවීම් ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම.
• මණ්ඩලීය සියලුම අභ්‍යන්තර ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම.
• උක්ත පද්ධතීන් වෙත දත්ත ඇතුළත් කිරීම හා ක්ෂේත්‍රගත රක්ෂණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා නිලධාරීන් වෙත තාක්ෂණික උපකරණ ලබා දීම.
• වගා හානි අධීක්ෂණය සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගත කර ගැනීම.
• වෙළඳපොළ අවශ්‍යතාව අනුව නව කෘෂි රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks