පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
76/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව මහ නගර සීමාවට අයත් ප්‍රදේශවල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රතිසංස්කරණය කළ යුතු සහ අලුතින් ස්ථාපිත කළ යුතු ජලාපවහන පද්ධති පවතින බව දන්නේද;
(ii) එසේ නම්, පවතින ජලාපවහන පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමට සහ නව ජලාපවහන පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-25
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්තමානයේ මඩකලපුව නගර සභාව සඳහා නිසි අපජල කළමනාකරණ පද්ධතියක් නොමැති අතර, ඒ අනුව ප්‍රතිසංස්කරණය යන කරුණ අදාළ නොවේ. මඩකලපුව නගරය සඳහා අපජල කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය - NWSDB - විසින් හඳුනාගෙන ඇති අතර, මඩකලපුව මහ නගර සභා ප්‍රදේශ සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත.
පසුව මඩකලපුව මහ නගර සභා ප්‍රදේශය සඳහා M/s Ion Exchange (India) Limited විසින් ඔවුන්ගේ වියදමින් මන්මුනෙයි උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය (2019) ආවරණය වන පරිදි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙම යෝජනාව මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 48ක ජනගහනය 145,809ක් ආවරණය කරන අතර, මුළු ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 63,259කි (2019). මුළු ව්‍යාපෘතිය අදියර දෙකකට වෙන් කර ඇති අතර, අදියර 1 සහ අදියර 2 සඳහා ව්‍යාපෘති පිරිවැය පිළිවෙළින් රුපියල් මිලියන 42,418ක් සහ රුපියල් මිලියන 20,841කි.
මෙම ව්‍යාපෘතියට පහත සංරචක ඇතුළත් වේ.
කෙසේ වෙතත්, උපදේශක ආයතනය වන M/s Ion Exchange (India) Limited විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම ශක්‍යතා අධ්‍යයනය සිදු කොට ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අරමුදල් නොතිබූ බැවින්, එහි අවසන් ශක්‍යතා අධ්‍යයන වාර්තාව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ඉදිරිපත් කොට නොමැත.
(ii) ඒ අනුව මෙම ව්‍යෘපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් වී ඇත. මේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ අවසන් වාර්තාව ලබාගෙන ඉදිරි කටයුතු සිදු කළ හැකි වුවද, අරමුදල් සපයා ගැනීමේ ගැටලුව නිසා මෙහි ඉදිරි පියවර ගෙන නොමැත.
(iii) ව්‍යාපෘතිය සඳහා සුදුසු අරමුදල් ප්‍රභවයක් ලැබුණු පසු ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලබාගෙන ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය බලාපොරොත්තු වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks