පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
66/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කෝරලේපත්තුව-උතුර, වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීති විරෝධී ලෙස ඉල්මනයිට් කැණීම් සිදු කරන බවත්;
(ii) ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට සෞඛ්‍ය, ජීවනෝපාය හා පානීය ජල ගැටලු ඇති විය හැකි බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, නීති විරෝධීව සිදු කරන ඉල්මනයිට් කැණීම් කටයුතු තහනම් කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-08
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2025.01.08 දින සිට 2025.01.09 දින දක්වා සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයකට අනුව එම වෙරළ තීරයේ සුළු වශයෙන් වැලි කැණීමක් සිදු කර ඇති බවත් ඒ සඳහා ට්‍රැක්ටර් යන්ත්‍ර භාවිත කර ඇති බවත් නිරීක්ෂණය කර ඇත. එම කැණීම් සඳහා ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයන් ඇති වී ඇති අතර එම නිසා නීති විරෝධී කැණීම් දිගටම සිදු කර නොමැත. එසේම මෙම කණින ලද වැලි කුමන ප්‍රයෝජනයක් සඳහා, කුමන ප්‍රදේශයකට ප්‍රවාහනය කළේ ද යන්න පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත් ඉල්මනයිට් යනු, කාර්මික ඛනිජයක් වන අතර එය කැණීම් සිදු කිරීමෙන් පසුව පිරිපහදු මධ්‍යස්ථානයකට අනිවාර්යයෙන්ම යැවීමට සිදු වන අතර එසේ නොමැතිව එම ඛනිජ ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමක් සිදු කළ නොහැක. මෙම ඛනිජය පිරිපහදු මධ්‍යස්ථානයකට ලබා ගැනීම පිළිබඳ වාර්තාවක් නොමැත. එම නිසා මෙම නීතිවිරෝධී වැලි කැණීම මහා පරිමාණයෙන් සිදු වී ඇති බවට පැහැදිලි සාක්ෂි නොමැත.
කෙසේ වුවද මෙම වෙරළ තීරයේ ඛනිජ වැලි ඉවත් කිරීම සඳහා පුද්ගලික සමාගමක් නමින් IML/A/HO/8489 හා IML/A/HO/8490 දරන ඛනිජ වැලි කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති නමුත් මේ දක්වා කැණීම් සිදු කර නොමැත.
2024.12.08 දින සිට මෙම බලපත්‍රවල ද වලංගු කාලය අවසන් වී ඇත.
කැණීම් බලපත්‍ර විස්තර:
|
කැණීම් බලපත්‍ර අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි කොට්ඨාසය |
නිකුත් කළ දිනය |
අවලංගු වන දිනය |
|
IML/A/HO/8489 |
වාකරේ |
පල්චෙනායි |
2014.12.09 |
2024.12.08 |
|
IML/A/HO/8490 |
වාකරේ |
පල්චෙනායි |
2014.12.09 |
2024.12.08 |
(ii) කිසියම් කැණීම් කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට සෞඛ්‍ය, ජීවනෝපාය හා පානීය ජල ගැටලු ඇති විය හැකි බව ප්‍රදේශවාසීන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී දැනට නිරීක්ෂණය වී නොමැත. එවැනි ගැටලුවක් දැනට නිකුත් කර ඇති බලපත්‍ර හේතුවෙන් ඉදිරියේදී ඇති වුවහොත්, ඊට අදාළ දෙපාර්තමේන්තු හා ආයතන මඟින් අදාළ නිර්දේශ ලබා ගැනීමට කටයුතු කරන අතර ඒ අනුව කැණීම් බලපත්‍රය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තීරණය කරන බව දන්වමි.
(ආ) 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව ඛනිජ කැණීම, ප්‍රවාහනය, වෙළෙඳාම, ගවේෂණය, අපනයනය හා පිරිසැකසුම සඳහා කාර්යාංශය මඟින් නිකුත් කරනු ලබන බලපත්‍රයක අධිකාරය යටතේ මිස අන්‍යාකාරයකින් සිදු කිරීම නීතිවිරෝධී වේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය හා අවස්ථානුකූලව ආරක්ෂක හමුදා සහාය ලබා ගනිමින් වැටලීම් කටයුතු සිදු කර නීත්‍යනුකූල නොවන කැණීම් මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලබන බව දන්වමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks