පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
63/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝකයේ බොහෝ රටවල ආර්ථික කටයුතු ඇතුළු විවිධ කටයුතු සඳහා මේ වනවිට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බව දන්නේද;
(ii) ශ්‍රී ලංකාවේ රජයේ ආයතන තුළ සිදුවන විවිධ දූෂණ හා වංචා වළක්වා ගැනීම සඳහා එම ආයතන තුළ ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඩිජිටල් ආර්ථික
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ව්‍යාපාර සඳහා නිරවුල් රජයේ සේවා සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
1. ආර්ථිකය තුළ ඩිජිටල්කරණය හඳුන්වා දීම
ආර්ථික වර්ධනය සඳහා ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය මූලික අංගයක් වී ඇති අතර, මෙම රජය තාක්ෂණය උපයෝගී කර ගනිමින් ආර්ථිකය නව්‍යකරණය කිරීමට කැප වී ඇත. රජයේ ඩිජිටල් ප්‍රතිපත්තිය ප්‍රජා සේවා ඩිජිටල්කරණයට සහ මූල්‍ය ගනුදෙනු රහිත (cashless) ක්‍රම සලකා බැලීමට වැඩි අවධානය යොමු කරයි. ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කිරීමෙන්, වඩා ඵලදායී පරිපාලනයක් සහිත, විනිවිදභාවයෙන් යුත් සහ තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමට අපි උත්සාහ කරමු.
2. ඩිජිටල්කරණය මඟින් අධික රෙගුලාසි සහ අවිධිමත් පරිපාලනය අඩු කිරීම
2.1 රජයේ ඩිජිටල්කරණ උපාය මාර්ගය
පවතින රජය පහත දැක්වෙන ප්‍රධාන ව්‍යාපෘති වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත:
3. මුදල් භාවිතයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම:
3.1 මුදල් භාවිතයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමේ ආණ්ඩුවේ උපායමාර්ග:
වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ මුදල් භාවිතයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමට මූලික පියවර කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එරංග වීරරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks