01

E   |     |  

 දිනය: 2025-01-24   පිළිතුර ලබා දී ඇත 

0062/2025: සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම: විස්තර

62/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2024.01.01 වැනි දින සිට මේ දක්වා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව එක් එක් මාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා අය කරනු ලබන ගාස්තුව කොපමණද;

(iii) සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් වෙනුවෙන් කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-01-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)     (i)                

 

වර්ෂය

මාසය

අයදුම්පත් සංඛ්‍යාව

2024

ජනවාරි

25,644

 

පෙබරවාරි

14,588

 

මාර්තු

11,688

 

අප්‍රේල්

10,134

 

මැයි

13,059

 

ජුනි

11,269

 

ජූලි

10,126

 

අගෝස්තු

6,494

 

සැප්තැම්බර්

4,106

 

ඔක්තෝබර්

6,953

 

නොවැම්බර්

5,750

 

දෙසැම්බර්

9,969

2025

ජනවාරි

9,345

එකතුව

139,125

(ii)      

  • සාමාන්‍ය ක්‍රමවේදය යටතේ

     විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව     -                  රු. 10,000.00

  • මාර්ගගත ක්‍රමය ඔස්සේ සාමාන්‍ය ක්‍රමවේදයට

     විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව     -          රු. 10,000.00

  • වයස අවුරුදු 16ට අඩු අයදුම්කරුවන්ට වසර 03ක වලංගු කාල සීමාවක් සඳහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව                 -             රු.   3,000.00
  • වසය අවුරුදු 16ට අඩු අයදුම්කරුවන්ට වසර 10ක වලංගු කාල සීමාවක් සඳහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව -  රු. 10,000.00

 

(iii) සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් එසේ ඉදිරිපත් කරන ලද දිනයේ සිට මාසයක කාලයක් සම්පූර්ණ වූ පසු අයදුම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රමුඛතාව මත පදනම්ව විදේශ ගමන් බලපත්‍ර දෛනිකව නිකුත් කරනු ලබන අතර, නැවත හිස් විදේශ ගමන් බලපත්‍ර තොග ලැබෙන තෙක්, මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින හිස් ගමන් බලපත්‍ර තොග කළමනාකරණය කිරීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇත.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks