පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කෘෂිකර්ම අංශය - ආයතන සංඛ්‍යාව 09
පශු සම්පත් අංශය - ආයතන සංඛ්‍යාව 02
ඉඩම් අංශය - ආයතන සංඛ්‍යාව 03
වාරිමාර්ග අංශය - ආයතන සංඛ්‍යාව 03
මුළු ආයතන සංඛ්‍යාව 17
(ii) ඇමුණුම** මඟින් දක්වා ඇත.
(iii) ඔව්.
(iv) මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික (පුද්) සමාගම - (MLAE)
වාරිමාර්ග අංශය යටතේ පවතින ආයතනයක් වන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ආයතන අතරින් මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික (පුද්) සමාගම -(MLAE) රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාපරයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතී.
සීමාසහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම (MLE)
2015 ජූලි මස 16 වන දිනැති අමප 15/0940/631/018-I දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සීමාසහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම පවත්වාගෙන යාම සඳහා එහි සම්පත්, වත්කම්, කොටස් හා කළමනාකරණය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්ගලික) සමාගම
2020 ජුනි මස 18වෙනි දිනැති අංක අමප 20/0890/217/052 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්ගලික) සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළක් ලෙස පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව සීමාසහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගම සහ ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්ගලික) සමාගම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත විධිමත්ව පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks