පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2640/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි රුපියල් 1000ට වඩා අඩුවෙන් සමෘද්ධි සහනාධාර ලබන සෑම පවුලක් සඳහාම එම දීමනාව රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීම 2011 නොවැම්බර් මාසයේ සිට සිදුකර තිබේද;
(ii) එසේ නම්, මේ වන විට එලෙස සමෘද්ධි දීමනාව වැඩි කර ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩසටහන යටතේ සමෘද්ධි සහනාධාර මුදල 2012 අප්‍රේල් මස සිට රුපියල් 1,200ක් දක්වා වැඩි කර ඇත.
(ii) සමෘද්ධි දීමනාව රුපියල් 1,200 දක්වා වැඩි කර ඇති පවුල් සංඛ්‍යාව 254,030කි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks