පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2639/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් වන පරිදි වර්ෂ 2012 දී සැමට විදුලිය ලබාදීමේ අරමුණ ඉටුකර ගන්නා තෙක්, භූමිතෙල් පරිභෝජනයෙන් ආලෝකය ලබාගන්නා සෑම පවුලකටම මසකට භූමිතෙල් ලීටර් 5 බැගින් නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, ඉහත පරිදි මසකට භූමිතෙල් ලීටර් 5 බැගින් ලබාදෙන පවුල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-27
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වැඩි වන ඉන්ධන මිල හමුවේ ආර්ථික අපහසුතාවන්ට ලක් වන විදුලි බලය නොමැති නිවාසවල පවුල් සඳහා මාසිකව රුපියල් 200ක සහනාධාරයක් ලබා දී ඇත.
(ii) පළමු වාරය සඳහා පවුල් 404,902ක් සඳහා සහනාධාර ලබා දී ඇති අතර 2012 දෙවන වාරය සඳහා පවුල් 400,000ක් සඳහා සහනාධාර ලබා දී ඇත.
(ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවන්හිදී ආර්ථික අපහසුතාවන්ට දැඩි ලෙස ලක් වන බවට ඉල්ලීම් ඉදිරිපත් කරන ලද පුද්ගලයින් සඳහා අවස්ථානුකූලව මෙම සහනාධාර ලබා දෙනු ලැබේ.)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks