පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දිනය කවරේද;
(ii) එම ගුවන්තොටුපළ විවෘත කළ දින සිට මේ දක්වා වාර්ෂික වියදම සහ ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ගුවන්තොටුපළේ වාර්ෂික ආදායම ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-19
අසන ලද්දේ
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2013 මාර්තු මස 18 දින (2013.03.18)
(ii)
|
වර්ෂය |
වාර්ෂික ආදායම (රු.) |
වාර්ෂික මෙහෙයුම් වියදම් (රු.) |
|
2013 |
48,010,898.00 |
2,297,114,089.00 |
|
2014 |
136,264,763.00 |
2,426,845,638.00 |
|
2015 |
71,635,413.00 |
2,288,694,851.00 |
|
2016 |
48,724,077.00 |
2,339,033,772.00 |
|
2017 |
77,630,640.00 |
2,314,897,394.00 |
|
2018 |
22,990,359.00 |
2,199,763,516.00 |
|
2019 |
17,060,751.00 |
2,190,942,860.00 |
|
2020 |
42,591,707.00 |
2,151,916,749.00 |
|
2021 |
93,471,586.00 |
2,036,770,615.00 |
|
2022 |
77,998,185.00 |
2,033,000,227.00 |
|
2023 |
289,073,346.00 |
2,412,909,070.00 |
|
2024 |
242,263,934.00 |
3,675,939,234.00 |
|
2025 |
257,540,906.00 |
2,523,381,960.00 |
|
2026 (ජුනි 30 දක්වා) |
144,793,439.00 |
1,189,072,452.00 |
(iii) • ගුවන් සංවර්ධන කටයුතු සඳහා සුදුසු ආයෝජකයින් හඳුනා ගැනීම සඳහා අභිලාෂ කැඳවීම (EOI) අවසන් කර ඇත.
• ආයෝජකයන් 19දෙනෙකු විවිධ ක්ෂේත්‍ර සඳහා අභිලාෂ ප්‍රකාශ කර ඇත.
• එම අභිලාෂ ඇගයීම් කටයුතු දැනට සිදුකරගෙන යමින් පවතී.
• අනතුරුව ව්‍යාපෘති යෝජනා කැඳවීම (REP) සිදු කරනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks