පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා සංගම් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) එම එක් එක් සංගමයේ සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින්ගේ වැටුප් තල හා දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල සේවකයින්ගේ වැටුප් තල අතර විෂමතාවක් පවතින බව දන්නේද;
(v) එසේ නම්, එම විෂමතාව නිවැරදි කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-22
අසන ලද්දේ
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 25ක් ක්‍රියාත්මක වේ.
(ii) ඇමුණුම 01 ලෙස පහතින් දක්වා ඇත.
ඇමුණුම 01
(iii) ඇමුණුම 02 වශයෙන් පහතින් දක්වා ඇත.
(iv) ඔව්.
(v) දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් මෙහෙයුම් තුළ පවතින පරිපාලන ව්‍යුහය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් තුළ පවතින පරිපාලන ව්‍යුහය සහ විෂය පථය වෙනස් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වැටුප් ව්‍යුහයන් ද වෙනස් වේ.
එකී දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පවතින අනුකූලතාව සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා, රැකියා විෂය පථයන් සහ අනුරූප වැටුප් ව්‍යුහයන් සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්වාධීන තෙවන පාර්ශ්වයක් සම්බන්ධ කරගනිමින් සමාලෝචන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එකී සමාලෝචනය දැනට සිදුවෙමින් පවතින අතර, එය අවසන් වූ පසු යම් නිර්දේශයක් ඇත්නම් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහ වැටුප් විෂමතා විධිමත් කිරීමට සහ අවශ්‍ය තැන්වලදී ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.
(ආ) පැන නොනඟි.
පිළිතුරු දුන් දිනය
2026-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks