පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කිරිපිටි ආනයනය කිරීම සඳහා විශාල මුදලක් වැයවන බවත්;
(ii) කිරි ගොවීන් නගා සිටුවීම මඟින් විශාල ආර්ථික වාසියක් මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට හැකි බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) දෛනික කිරි අවශ්‍යතාවයෙන් අප රට තුළ නිපදවනු ලබන කිරි ප්‍රමාණය කොපමණද;
(ii) කිරි ගොවීන් නගා සිටුවීමට සහ දිරිමත් කිරීමට රජය විසින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-24
අසන ලද්දේ
ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) 43%
(ii) ඔව්.
(iii) කිරි ගොවීන් නඟාසිටුවීමට හා දිරිමත් කිරීමට රජය විසින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
1. ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන.
2. අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය.
3. පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම.
• ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන
• අපේක්ෂිත ඉලක්ක
• Dairy Hub සමිති 325ක් හරහා කිරි ගොවීන් සංවිධානය කිරීම.
• කිරි ව්‍යවසායකයන් බිහි කිරීම.
• වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම.
• මේ සඳහා ජාතික අය වැයෙන් රුපියල් මිලියන 1,000ක් 2026 වසර සඳහා වෙන් කර ඇත.
නිකවැරටිය අභිජනන ගොවිපළ සඳහා වෙනම රුපියල් මිලියන 1,000ක් වෙන් කර තිබෙනවා.
• අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ,
• ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය කිරීම මඟින් අනාගතයේදී ක්ෂේත්‍රයට අවශ්‍ය එළ ගව සහ මී ගව ගැහැනු හා පිරිමි පැටවුන් නිකුත් කිරීමට හැකි න්‍යෂ්ටික ගොවිපළක් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ.
• මේ සඳහා ජාතික අය වැයෙන් රුපියල් මිලියන 1,000ක් 2026 වසර සඳහා වෙන් වී ඇත.
ඒ කටයුතු සඳහා ඉදිකිරීම් මේ වනකොට ආරම්භ කර තිබෙනවා
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks