පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2637/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සුනාමි අවස්ථාවක තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අවට මුහුදේ පිහිටුවා ඇති සුනාමි තොරතුරු ලබා ගැනීමේ කුලුනු සංඛ්‍යාව සහ ඒවා සවි කිරීම සඳහා වැය වූ මුදල කොපමණද;
(ii) ඒවා ස්ථානගත කරන ලද දිනය, ඒවා මගින් දත්ත ලබා ගන්නා ආයතනය සහ එම කුලුනු හරහා පැමිණෙන සුනාමි පිළිබඳව අදාළ ආයතනය දැනුවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එම සුනාමිය මගින් බලපෑමක් ඇතිවීමට ගතවන කාලය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2012.04.11 දින හෝ ඊට ආසන්න දිනක සුමාත‍්‍රාවල ඇති වූ සුනාමි තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන බවට තොරතුරු අපගේ සුනාමි කුලුනු හරහා ලබා ගත්තේද;
(ii) නොඑසේ නම්, එම සුනාමි තත්ත්වය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා අදාළ තොරතුරු ලබාගත් ආකාරය කවරේද;
(iii) ඉහත (ආ)(ii) අනුව තොරතුරු වෙනත් ආකාරයකින් ලබා ගත්තේ නම්, සුනාමි තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සුනාමි කුලුනු පිහිටුවීමේ අරමුණ කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-23
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩුලිප් විජේසේකර මහතා (ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு துலிப் விஜேசேகர - அனர்த்த முகாமைத்துவ பிரதி அமைச்சர்)
(The Hon. Duleep Wijesekera - Deputy Minister of Disaster Management)
ගරු කථානායකතුමනි, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) සුනාමි තොරතුරු ලබා ගැනීමේ කුලුනු සවි කර නොමැත.
(ii) අදාළ නොවේ.
(ආ) (i) නැත.
(ii) භූ කම්පන තත්ත්වය හා සම්බන්ධව ප්‍රථම දැනුවත්වීම කැලිෆෝනියා ඒකාබද්ධ භූ කම්පන තොරතුරු ජාලය - California Integrated Seismic Network (CISN) - මඟින් ද, අනතුරුව ඉන්දියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව ආශ්‍රිතව පිහිටුවා ඇති වරලත් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන මඟින් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා ගෙන ඇත.
(iii) සුනාමි කුලුනු පිහිටුවා ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ජනතාව වෙත නිකුත් කිරීම සඳහාය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-04-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩුලිප් විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks