පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
අසන ලද දිනය
2026-04-10
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
විශ්වවිද්‍යාලය |
අනධ්‍යයන තනතුරු සංඛ්‍යාව |
|
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන, I. විශ්වවිද්‍යාලය II. උසස් අධ්‍යාපන ආයතන |
13,290 654 |
|
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය |
109 |
|
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය |
111 |
|
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය |
148 |
|
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය |
219 |
|
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය |
594 |
(ii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තිබෙන විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සම්බන්ධ තොරතුරු ඇමුණුම 01 මඟින් වෙන් වෙන්ව දක්වා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඒක ලොකු සංඛ්‍යාත්මක දත්ත ප්‍රමාණයක්. අනෙකුත් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇමුණුම් 02,03,04,05,06 මඟින් දක්වා තිබෙනවා.
01 සිට 06 දක්වා ඇමුණුම් සභාගත* කරනවා.
(iii) කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාල සඳහා උසස් අධ්‍යාපන ආයතන/විද්‍යායතන සඳහා වූ ආයතන සංග්‍රහය 2023 සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛවල ප්‍රතිපාදන අනුව අනධ්‍යයන තනතුරු සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
අනෙකුත් ආයතනවලටත් බඳවා ගැනීම් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීම් පටිපාටිය අනුව, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සමාලෝචන කමිටුවේ තීරණ මත, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පුවත් පත් දැන්වීම් සහ අදාළ පටිපාටිය අනුව සහ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේත් ඒ විධියට. ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු පිරවීමේදී අනුගමනය කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත කරන ලද ක්‍රියාදාමයම තමයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks