පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
8/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරනු ලබන ස්ථිර, කොන්ත්‍රාත් සහ අනියම් සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා වැටුප්, දීමනා සහ ප්‍රසාද දීමනා වශයෙන් එම සේවකයන්ට ගෙවන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) විදුලි රැහැන් ඇදීම, වලවල් කැපීම සහ විදුලි විසන්ධි කිරීම් ආදී කාර්යයන් කොන්ත්‍රාත් ආයතනවලට ලබා දී තිබෙන බව පිළිගන්නේද;
(iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා එම ආයතනවලට ගෙවා ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරික්ත සේවකයන් විශාල පිරිසක් සිටියදී සහ ඔවුන්ට ඉහළ වැටුප්, දීමනා සහ ප්‍රසාද දීමනා ගෙවන තත්ත්වයක් තුළ ඉහත (iii) හි සඳහන් කාර්යයන් කොන්ත්‍රාත් ආයතනවලට ලබා දීමට හේතු වූ කරුණු කවරේද;
(vi) එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-07
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
සේවක වර්ගය |
සේවක සංඛ්‍යාව |
|
ස්ථිර |
22,135 |
|
අනියම් |
150 |
|
කොන්ත්‍රාත් |
95 |
|
ආධුනික පුහුණුවන්නන් (NVQ qualified ) |
26 |
ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා එනර්ජීස් හරහා ලබා ගත් සේවකයින් 56දෙනෙකු ද සේවයෙහි යොදවා ඇත.
(ii)
(iii) විදුලි රැහැන් ඇදීම, වළවල් කැපීම සහ විදුලිය විසන්ධි කිරීම් ආදී කාර්යයන් කොන්ත්‍රාත් ආයතනවලට ලබා දී ඇත.
(iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා විදුලි රැහැන් ඇදීම, වළවල් කැපීම සහ විදුලිය විසන්ධි කිරීම් ආදී කාර්යයන් සඳහා කොන්ත්‍රාත් ආයතනවලට ගෙවා ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
|
වසර |
ගෙවා ඇති මුදල (රුපියල් මිලියන) |
|
2015 |
1,643 |
|
2016 |
1,608 |
|
2017 |
1,711 |
|
2018 |
1,932 |
|
2019 |
2,383 |
|
2020 |
2,455 |
|
2021 |
2,616 |
|
2022 |
2,501 |
|
2023 |
3,464 |
|
2024 |
4,370 |
(v) ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාවට අනුව, අතිරික්ත සේවකයන් නොමැති අතර සේවක ඌනතාවක් පවතී.
එමෙන්ම, ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයට බඳවා ගනු ලබන සේවක මහතුන් NVQ Level III, IV යන මට්ටම්වල තාක්ෂණික නිපුණත්වය ඇති සේවක මහතුන් වන අතර, එම තාක්ෂණික ශිල්පීන්හට තාක්ෂණික ශ්‍රේණියේ වැටුපක් ගෙවනු ලබයි.
ඉහත අංක (iii) යටතේ දක්වා ඇති කොන්ත්‍රාත් ආයතනවලට ලබා දී ඇති වළවල් කැපීම වැනි කම්කරු සේවකයන් යොදා ගත යුතු කාර්යයන් සහ විදුලි විසන්ධි කිරීම ආදී කටයුතු වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් තම තාක්ෂණික සේවය සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික පුහුණු සේවකයින් යෙදුවහොත් ඒ සඳහා මණ්ඩලයට අමතර වියදමක් සහ ප්‍රවාහන වියදම් අධික ලෙස වැය කිරීමට සිදු වන බැවින් මෙය කොන්ත්‍රාත් මාර්ගයෙන් කර ගැනීම වඩා ලාභදායී බව සනාථ වී ඇත.
තවද, මහජන උපයෝගිතා කොමිසම මඟින් අනුමත කර ඇති විසන්ධි කිරීම් සඳහා අය කරගත හැකි මුදල රුපියල් 800ක් වන අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මේ සඳහා යෙදවුවහොත් අය කරගන්නා මුදලට වඩා වැඩි පිරිවැයක් දැරිය යුතු බව සනාථ වී ඇත.
එලෙසම, විදුලි රැහැන් ඇදීම සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය ලබා ගනුයේ විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාවෙන් සේවකයන් යොදවා දෛනිකව කරගත නොහැකි කෙටිකාලීන හා හදිසි අවස්ථාවන්හිදී සිදු කළ යුතු කාර්යයන් සඳහා පමණි.
(vi) ඉහත පිළිතුර (v) අනුව අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks