පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-08
අසන ලද්දේ
ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මේ සම්බන්ධයෙන් ආයතන විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේද පිළිබඳව ඇමුණුම - I හි සඳහන් වේ.
ඇමුණුම - I
2024 අය වැය යෝජනාවල සඳහන් කර ඇති "නාගරික නිවාස හිමිකම" ලබාදීමේදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් 2013 වර්ෂයේ සිට සමීක්ෂණයක් මඟින් හඳුනා ගන්නා ලද අඩු පහසුකම් සහිත වතු හා ඒ ආශ්‍රිත ජනාවාසවල පදිංචිකරුවන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතීන්හි පදිංචි කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය මඟින් දැනටමත් ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති 24ක් තුළ පදිංචි කිරීම් අවසන් කර ඇත. මේ වනවිට එම පදිංචි කරන ලද නිවාසලාභීන් සඳහා ඔවුනට හිමි නිවාස ඒකකවල හිමිකම් ඔප්පු ලබාදීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් පවතී.
මෙහිදී බොහෝ පිරිසක් රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ලෙස ජීවත්වී ඇති අතර, ප්‍රධානකොටම එම ජනාවාසවල අඛණ්ඩව ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී තිබීම ප්‍රමුඛ සුදුසුකමක් ලෙස සලකා ක්‍රියා කරනු ලබයි. ඔවුන් මාසිකව රුපියල් 3,000ක් හා රුපියල් 2,800 යන වශයෙන් කුලී මුදලක් වර්ෂ 30ක් තුළ ගෙවා නිම කිරීමේ පදනම මත මුළු එකතුව පිළිවෙළින් රුපියල් මිලියන 1.2ක් හෝ රුපියල් මිලියන 1 වශයෙන් වූ මුදලක් ගෙවා නිම කළ යුතු අතර, ඉන්පසු අදාළ නිවාසලාභීන්හට නිවාස හිමිකම් ලබාදීමට නියමිතව තිබුණි. කෙසේ වුවද, 2024 අය වැය යෝජනාව සමඟ ඔප්පු ලබාදීමට තීරණය වූ අතර, එක් නිවාසලාභියෙකු අවම වශයෙන් රුපියල් 350,000ක වාරික මුදල් ගෙවා නිමකළ යුතුවීම හා මෙතෙක් ජල ගාස්තු හා අනෙකුත් උපයෝගීතා සේවා සඳහා වූ යම් හිඟ මුදලක් වෙතොත් එය ගෙවා නිම කළ යුතු වීම ඔප්පු හිමිකම ලබාදීමට අත්‍යවශ්‍ය වේ.
2024 අයවැය යෝජනාවල සඳහන් කර ඇති "නාගරික නිවාස හිමිකම" ලබාදීමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය
* අඩු ආදායම්ලාභී පවුල් වෙත බදු සින්න, වාරික සින්න, සින්නක්කර සහ කුලී වැනි විවිධ අයකිරීම් ක්‍රමවේද යටතේ ලබාදී ඇති නිවාස මෙම අය වැය යෝජනාව ප්‍රකාරව කුලී පදනම යටතේ ලබා දී ඇති නිවාස ලෙස සැලකීම.
* එසේම මෙම නිවාස බහුතරයක් වසර 30ක් හෝ 40ක් වැනි දීර්ඝ කාල සීමාවක් සඳහා බදු පදනම යටතේ ලබාදී ඇති අතර, ඒ අතරින් සමහර අඩු ආදායම්ලාභී කුලී නිවැසියන් අතර, වසර 15, 20 වැනි දීර්ඝ කාලයක් පුරා නියමිත පරිදි කුලී මුදල් ගෙවන ලද නිවැසියන් මෙන්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ කුලී මුදල් නොගෙවු පවුල් ද සිටින බැවින් නියමිත පරිදි කුලී මුදල් ගෙවූ නිවැසියන්ට අසාධාරණයක් නොවන පරිදි මෙහිදී කටයුතු කිරිම.
* 2023.12.31 දින වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3,000ක් හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති සියලු නිවාස සඳහා රුපියල් 150,000 ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මසක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභීන්ට හා 2023.12.31 දින වනවිට සම්පූර්ණ කුලී මුදල ගෙවා නොමැති කුලීහිමියන්හට නියමිත කාල සීමාව අවසානයේ මුළු කුලී මුදල ගෙවීමෙන් අනතුරුව, 1979 අංක 17 දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනතේ 8(1) වගන්තිය ප්‍රකාරව රේඛීය අමාත්‍යවරයාගේ අනුමැතිය මත නිවාස හිමිකම පවරා දීමට කටයුතු කිරිම.
* නිවාස හිමියන්ට ඔප්පු ලබා දීමේදී ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුද්දර ගාස්තු හා වෙනත් බදු සඳහා වැය වන මුදල මහා භාණ්ඩාගාරය මඟින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත ප්‍රතිපූරණය කිරීම.
* මෙකී නිවාසවල පූර්ණ අයිතිය පැවරීමේදි මුල් ප්‍රතිලාභියා වෙත හෝ ඔහු හෝ ඇය මිය ගොස් ඇත්නම් දැනට එම නිවසේ පදිංචිව සිටින කලත්‍රයා හෝ ඔහු / ඇයගේ උරුමකරුවන් වෙත පමණක් පූර්ණ නිවාස හිමිකම ලබා දීම. (මෙහිදි කලත්‍රයා ජීවත්ව සිටී නම් ඔහුට / ඇයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය.)
* මීට අමතරව නඩත්තු අරමුදල වෙනුවෙන් එක් එක් නිවාසලාභියාගේ නිවසක වර්ග අඩි ප්‍රමාණය අනුව රුපියල් 5,000, රුපියල් 7,500 හා රුපියල් 25,000ක් ලෙස නඩත්තු ගාස්තු අය කරනු ලැබේ.
(ii) ආයතන විසින් ඔප්පු ලබා දීමට තෝරාගෙන ඇති නිවාස සංඛ්‍යා වෙන් වෙන් වශයෙන් ඇමුණුම - II හි සඳහන් වේ.
ඇමුණුම - II
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහල් නිවාස යෝජනා ක්‍රම අතරින් හිමිකම් ඔප්පු ලබාදීමට තෝරාගෙන ඇති නිවාස සංඛ්‍යාව එක් එක් නිවාස යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන්ව පහත පරිදි වේ.
මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකර අවසන් කරන ලද හා නිවාසලාභීන් පදිංචි කරන ලද නිවාස ව්‍යාපෘති 24 ක් පවතී. ඒ අතුරින් අදියර 2ක් ඔස්සේ හිමිකම් ඔප්පු ලබා දීමට නියමිත අතර, පළමු අදියර යටතේ
|
අනු අංකය |
නිවාස ක්‍රමය |
නිවාස සංඛ්‍යාව |
|
01 |
මෙට්‍රෝ හෝම්ස් |
626 |
|
02 |
මිහිඳුසෙන්පුර |
820 |
|
03 |
සිරිසර උයන |
718 |
|
04 |
මෙත්සඳ සෙවණ |
918 |
|
05 |
සිරිමුතු උයන |
546 |
|
06 |
ලක්මුතු සෙවණ |
118 |
|
07 |
ලක්සෙත සෙවණ |
466 |
|
08 |
මුවදොර උයන |
872 |
|
09 |
මිහිජය සෙවන |
1,047 |
|
10 |
කොළොම්තොට සරසවි උයන |
528 |
|
11 |
ලක්හිරු සෙවණ |
768 |
|
12 |
පුරදොර සෙවණ |
34 |
|
13 |
ජයමඟ සෙවණ |
68 |
|
එකතුව - I අදියර |
8,129 |
|
|
අනු අංකය |
නිවාස ක්‍රමය |
නිවාස සංඛ්‍යාව |
|
01 |
ලක්සඳ සෙවණ |
1,008 |
|
02 |
මෙත්සර උයන |
430 |
|
03 |
සිරිසඳ සෙවණ |
366 |
|
04 |
රන්මිතු සෙවණ |
576 |
|
05 |
සත්හිරු සෙවණ |
672 |
|
06 |
රන්දිය උයන |
1,137 |
|
07 |
හෙළමුතු සෙවණ |
1,043 |
|
08 |
සියසෙත සෙවණ |
266 |
|
09 |
සංහිඳ සෙවණ |
360 |
|
10 |
සියපත් සෙවණ |
705 |
|
11 |
ලේක්සයිඩ් රෙසිඩන්සීස් |
193 |
|
එකතුව - II අදියර |
6,756 |
|
සමස්ත නිවාස ඒකක සංඛ්‍යාව - 14,885කි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මහල් නිවාස යෝජනා ක්‍රම අතරින් හිමිකම් ඔප්පු ලබාදීමට තෝරාගෙන ඇති නිවාස සංඛ්‍යාව එක් එක් නිවාස යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන්ව පහත පරිදි වේ.
|
අනු අංකය |
නිවාස ක්‍රමය |
නිවාස සංඛ්‍යාව |
|
01 |
බෝලමේසවත්ත නිවාස ක්‍රමය |
17 |
|
02 |
ගෝතමීපුර නිවාස ක්‍රමය |
32 |
|
03 |
කෙන්ට් පාර නිවාස ක්‍රමය |
18 |
|
04 |
කැටවලමුල්ල නිවාස ක්‍රමය |
47 |
|
05 |
සර්පන්ටයින් නිවාස ක්‍රමය |
99 |
|
06 |
සිරිධම්ම මාවත නිවාස ක්‍රමය |
39 |
|
07 |
117 වත්ත නිවාස ක්‍රමය |
64 |
|
08 |
ඇල්විටිගල නිවාස ක්‍රමය |
19 |
|
09 |
797 (සුලෝහිතපුර) |
72 |
|
10 |
වේළුවනාරාමය නිවාස ක්‍රමය |
2 |
|
11 |
ඩැනිස්ටර් ද සිල්වා මාවත |
16 |
|
12 |
අබ්දුල්හමීඩ් |
17 |
|
13 |
ආදුරුප්පු වීදිය |
14 |
|
14 |
අලුත්කඩේ |
24 |
|
15 |
අලුත්මාවත |
06 |
|
16 |
ආමර්වීදිය |
16 |
|
17 |
බේස්ලයින් |
01 |
|
18 |
බ්ලුමැන්ඩල් |
26 |
|
19 |
සෙන්ට්‍රල්රෝඩ් |
05 |
|
20 |
දිසානායකවත්ත |
16 |
|
21 |
ගුණසිංහපුර |
51 |
|
22 |
ජුම්මාමස්ජිත් |
49 |
|
23 |
කම්කරුපුර |
99 |
|
24 |
ඛෙත්තාරාම |
35 |
|
25 |
මාලිගාවත්ත |
53 |
|
26 |
මල්ලිකාරාම |
24 |
|
27 |
මවුලානාවත්ත |
54 |
|
28 |
පල්ලියවත්ත |
50 |
|
29 |
සමගිපුර |
94 |
|
30 |
ස්ටුවට් ස්ට්‍රීට් |
11 |
|
31 |
සොයිසාපුර |
29 |
|
එකතුව |
1,099 |
|
(iii) ආයතන විසින් මේ වනවිට ඔප්පු ලබාදී ඇති පදිංචිකරුවන් සංඛ්‍යා වෙන් වෙන් වශයෙන් ඇමුණුම - III හි සඳහන් වේ.
ඇමුණුම - III
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට හිමිකම් ඔප්පු ලබාදී ඇති පදිංචිකරුවන් සංඛ්‍යාව එක් එක් නිවාස යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන් වශයෙන්
1 ට්‍රෝ හෝම්ස් නිවාස ව්‍යාපෘතිය - හිමිකම් ඔප්පු 156 ක් මේ වනවිට ලබාදී ඇති අතර, ඔප්පු ලබාගැනීමට අදාළ සුදුසුකම් සපුරන ලද 231කගේ හිමිකම් ඔප්පු පිළියෙල කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
2. මිහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය - හිමිකම් ඔප්පු 39 ක් මේ වනවිට ලබාදී ඇති අතර, ඔප්පු ලබා ගැනීමට අදාළ සුදුසුකම් සපුරන ලද 397කගේ හිමිකම් ඔප්පු පිළියෙල කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
3. සිරිසර උයන නිවාස ව්‍යාපෘතිය - ලියාපදිංචි හිමිකම් ඔප්පු 34ක් මේ වන විට ලබාදී ඇති අතර, ඔප්පු ලබා ගැනීමට අදාළ සුදුසුකම් සපුරන ලද 349කගේ හිමිකම් ඔප්පු පිළියෙල කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට හිමිකම් ඔප්පු ලබාදී ඇති පදිංචිකරුවන් සංඛ්‍යාව එක් එක් නිවාස යෝජනා ක්‍රමය අනුව වෙන් වෙන් වශයෙන්
|
අනු අංකය |
නිවාස ක්‍රමය |
ඔප්පු සංඛ්‍යාව 2024.07.09 |
ඔප්පු සංඛ්‍යාව 2024.07.17 |
මුළු ඔප්පු සංඛ්‍යාව |
|
1 |
117 වත්ත |
4 |
10 |
14 |
|
2 |
797 වත්ත |
19 |
5 |
34 |
|
3 |
ඇල්විටිගල |
- |
1 |
1 |
|
4 |
කැටවලමුල්ල |
3 |
10 |
13 |
|
5 |
කෙන්ට් පාර |
3 |
2 |
5 |
|
6 |
ගෝතමීපුර |
2 |
7 |
9 |
|
7 |
ඩැනිස්ටර් ද සිල්වා |
3 |
2 |
5 |
|
8 |
බෝලමේසවත්ත |
1 |
1 |
2 |
|
9 |
සර්පන්ටයින් |
10 |
14 |
24 |
|
10 |
සිරිධම්ම මාවත |
2 |
4 |
6 |
|
11 |
අබ්දුල්හමීඩ් |
- |
5 |
5 |
|
12 |
අලුත්මාවත |
- |
3 |
3 |
|
13 |
අලුත්කඩේ |
1 |
7 |
8 |
|
14 |
ආදුරුප්පු වීදිය |
- |
1 |
1 |
|
15 |
කම්කරුපුර |
7 |
18 |
25 |
|
16 |
ඛෙත්තාරාමය |
- |
6 |
6 |
|
17 |
ගුණසිංහපුර |
5 |
15 |
20 |
|
18 |
ජුම්මාමස්ජිඩ් |
1 |
2 |
3 |
|
19 |
දිසානායක වත්ත |
3 |
1 |
4 |
|
20 |
පල්ලියවත්ත |
4 |
11 |
15 |
|
21 |
බේස්ලයින් පාර |
- |
1 |
1 |
|
22 |
බ්ලුමැන්ඩල් |
- |
4 |
4 |
|
23 |
මල්ලිකාරාමය |
1 |
5 |
6 |
|
24 |
මවුලානාවත්ත |
4 |
17 |
21 |
|
25 |
මාලිගාවත්ත |
1 |
4 |
5 |
|
26 |
සමගිපුර |
9 |
8 |
17 |
|
27 |
ස්ටුවට් වීදිය |
- |
4 |
4 |
|
28 |
සොයිසාපුර |
- |
3 |
3 |
|
එකතුව |
83 |
181 |
264 |
|
(iv) ඇමුණුම I හි දක්වා ඇති අදාළ මූලික අවශ්‍යතා සපුරනු ලබන, ඇමුණුම IIහි සඳහන් නිවාසයන්හි පදිංචි නිවාසලාභීන් සඳහා 2024 හා 2025 වර්ෂවල හිමිකම් ඔප්පු ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ද නාගරික නිවාස හිමිකම් ලබාදීමේ "රන්දොර උරුමය" වැඩසටහන යටතේ මේ වනවිට ඔප්පු 264 ක් ලබාදී ඇති අතර, ඔප්පු ලබාදී නොමැති මහල් නිවාසවල පදිංචි නිවාසලාභීන් 835දෙනෙක් සඳහා 2024.12.31 දිනට පෙර ඔප්පු ලබා දීමට අපේක්ෂා කරයි.
(v) ඔව්.
කෙසේ වුවද හිමිකම් ඔප්පු ලබා දීමෙන් අනතුරුව පදිංචිකරුවන්ගෙන් සමන්විත කළමනාකරණ සංස්ථාවක් පිහිටුවා එම නිවාසයන්හි නඩත්තු කටයුතු වෙනුවෙන් කළමනාකරණ ගාස්තුවක් මෙන්ම අනෙකුත් වියදම්, උපයෝගිතා සේවා වෙනුවෙන් අදාළ ගාස්තු අයකළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කර ඇත.
(vi) මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා හිමිකම් ඔප්පු ලබා දීමේදි ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුද්දර ගාස්තු හා වෙනත් බදු සඳහා වැය වන මුදල මහා භාණ්ඩාගාරය මඟින් දරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks