පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-06-18
අසන ලද්දේ
ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) විජේසේකර මාවත/ පාර යන මාර්ගයට අදාළ ගොඩනැඟිලි රේඛා සීමාව මාර්ග මධ්‍යයේ සිට අඩි 10ක් ලෙස 2007 වර්ෂයට පෙර සිටම දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා ලේඛනවල සඳහන් වන අතර, එකල සිටම රාජකාරි කටයුතු සඳහා භාවිත කර ඇත්තේද ගොඩනැඟිලි සීමාව අඩි 10ක් ලෙස වේ. නමුත් සංවර්ධන සැලැස්මෙහි සිද්ධිගත මාර්ගය යටතේ ගොඩනැඟිලි සීමාව නිවැරදිව සඳහන් නොවීම මත අඩි 20ක් ලෙස දක්වා තිබුණද, 2022-2031 සංවර්ධන සැලැස්මෙහි ගොඩනැඟිලි සීමාව අඩි 10 ලෙස නිවැරදිව සඳහන් කර ඇත.
(ii) අඩු කිරීමක් සිදු කර නොමැත.
(iii) නැත. 2022-2031 සංවර්ධන සැලැස්මේ ගොඩනැඟිලි සීමා නිවැරදිව දක්වා ඇති අතර, එය විවිධ ප්‍රමාණවලින් යුක්ත වේ.
(iv) නැත.
(v) නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට පටහැනි ඉදිකිරීම් නිරීක්ෂණය වන බැවින්, එම ඉදිකිරීම් පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කර රෙගුලාසිවලට පටහැනිව සිදු කරන ලද ඉදිකිරීම් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරි පනත ප්‍රකාරව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා හඳුනා ගැනීම් සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks