04

E   |     |  

 දිනය: 2024-06-18   පිළිතුර ලබා දී ඇත 

2111/2024: භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත ප්‍රාථමික අළෙවිකරුවන් විසින් උපයාගත් ප්‍රාග්ධන ලාභ: විස්තර

----

අසන ලද දිනය

2024-06-18

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       දැනට බලපත්‍රලාභී බැංකු තුළ පවතින ප්‍රාථමික අළෙවිකරුවන් සංඛ්‍යාව 6කි. කෙසේ වෙතත්, දැනට බලපත්‍රලාභී බැංකු තුළ දැනට සක්‍රියව ක්‍රියාත්මක වන්නේ ප්‍රාථමික අළෙවිකරුවන් 5ක් පමණි. එනම්, ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පී.එල්.සී., සම්පත් බෑන්ක් පී.එල්.සී. සහ සෙලාන් බෑන්ක් පී.එල්.සී. වන අතර පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පී.එල්.සී. හි ප්‍රාථමික අළෙවිකාර මෙහෙයුම් කටයුතු 2018.02.15 දින සිට අත්හිටුවා ඇත.

එසේම රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළ තුළ ක්‍රියාකාරී ස්වාධීන ප්‍රාථමික අළෙවිකරුවන් 05ක් ක්‍රියාත්මක වේ.

ඉහත ප්‍රාථමික අළෙවිකරුවන් දෙවර්ගය විසින් සපයන ලද දත්ත අනුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට අදාළව 2022.01.01 සිට 2022.06.30 දක්වා කාලය සඳහා ඉපැයූ ප්‍රාග්ධන ලාභය පිළිබඳ විස්තර  ඇමුණුමෙහි සඳහන් වේ.

(ii) ඉහත ප්‍රාථමික අළෙවිකරුවන් දෙවර්ගය විසින් සපයන ලද දත්ත අනුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට අදාළව 2023.01.01 සිට 2023.06.30 දක්වා කාලය සඳහා ඉපැයූ ප්‍රාග්ධන ලාභය පිළිබඳ විස්තර  ඇමුණුමෙහි සඳහන් වේ.

(iii) ඉහත ප්‍රාථමික අළෙවිකරුවන් දෙවර්ගය විසින් සපයන ලද දත්ත අනුව 2022.01.01 සිට 2022.06.30 දක්වා කාලය සඳහා ඉපැයූ මුළු ප්‍රාග්ධන ලාභය පිළිබඳ විස්තර ඇමුණුමෙහි සඳහන් වේ.

(iv) ඉහත ප්‍රාථමික අළෙවිකරුවන් දෙවර්ගය විසින් සපයන ලද දත්ත අනුව 2023.01.01 සිට 2023.06.30 දක්වා කාලය සඳහා ඉපැයූ මුළු ප්‍රාග්ධන ලාභය පිළිබඳ විස්තර ඇමුණුමෙහි සඳහන් වේ.

 

(ආ)          (i)       ඔව්. බලපත්‍රලාභී බැංකු තුළ ක්‍රියාත්මක වන ප්‍රාථමික අළෙවිකරුවන් 4කට අදාළව උපයාගත් ප්‍රාග්ධන ලාභවල සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළ තුළ ක්‍රියාකාරී ස්වාධීන ප්‍රාථමික අළෙවිකරුවන් විසින් ඉපැයූ ප්‍රාග්ධන ලාභවල සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇත.

              (ii)       ·       භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර පොලී අනුපාතයන් 2022 අප්‍රේල් මස සිට වැඩිවීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා ඉහළ ඉල්ලුමක් ලද අතර එම නිසා 2022 වර්ෂයේ දෙවන භාගයේ උපයන ලද ප්‍රාග්ධන ලාභය වැඩි විය.

· 2023/24 (01.04.2023-30.06.2023) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමත් සමඟම පොලී අනුපාත සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන ලදී. එම නිසා වෙළෙඳාම් කළ ප්‍රමාණය ඉහළ ගිය අතර ඉහළ ප්‍රාග්ධන ලාභ උපයන ලදී.

· තවදුරටත් පාඩු අවම කර ගැනීම සඳහා අඩු ඵලදා අනුපාතිකයක් සහිත බැඳුම්කර පාඩු යටතේ විකිණීම.

(iii) ඉහත සඳහන් ප්‍රාථමික අළෙවිකරුවන් විසින් ගෙවන ලද මුළු බදු මුදල, ආයතනික බදු, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ බදුවලින් සමන්විත වේ. එසේම කාල පරිච්ඡේදය තුළ ආදායම් බදු සඳහා ප්‍රාථමික අළෙවිකරුවන්ගේ වගකීම වූයේ ප්‍රාග්ධන ලාභ ඇතුළත් බදු අය කළ හැකි ආදායමයි. එම නිසා ප්‍රාග්ධන ලාභය මත වෙනම බදු නොගෙවන ලදී.

 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks