01

E   |     |  

 දිනය: 2024-05-09   පිළිතුර ලබා දී ඇත 

2094/2024: Cancellation of general meeting of Singakkuliya Church, Vennappuwa

2094/2024

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       නිලවරණයක් පැවැත්වීම සඳහා වෙන්නප්පුව, සිංගක්කුලිය දේවාලයේ මහා සභාව 2024.02.25 දින කැඳවා තිබූ අතර පසුව එම මහා සභාව අවලංගු කර ඇති බව දන්නේද;

             (ii)       එම මහා සභාව අවලංගු කිරීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේද;

(iii) එම මහා සභාව අවලංගු කරන ලෙස දන්වා බෞද්ධ කටයුතු කොමසාරිස් හෝ වෙනත් නිලධාරියෙක් ලිපියක් නිකුත් කර තිබේද;

(iv) එසේ නම්, එම ලිපිය ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සාමාජික ගාස්තු අය කර සිංගක්කුලිය දේවාලය සඳහා සාමාජිකයන් බඳවාගෙන ඇති බව දන්නේද;

(ii) මහා සභාව අවලංගු කිරීමට එරෙහිව එම දේවාලයේ සාමාජිකයන් විසින් විරෝධතා ඉදිරිපත් කර තිබේද;

(iii) එසේ නම්, මහා සභාව අවලංගු කිරීම හේතුවෙන් ඉහත දේවාලයේ  සාමාජිකයන්ගේ මානව හිමිකම් හා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පිළිගන්නේද;

(iv) එසේ නම්, එය නිවැරදි කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

        යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-05-09

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks