01

E   |     |  

 දිනය: 2024-07-10   පිළිතුර ලබා දී ඇත 

2085/2024: පානීය ජල පහසුකම් නොමැති ගම්මාන: වයඹ පළාත

----

අසන ලද දිනය

2024-07-10

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      වයඹ පළාතේ පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති ගම්මාන සංඛ්‍යාව 1,632කි.

                        පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන සංඛ්‍යාව    -    319

                        කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මාන සංඛ්‍යාව -    1,313

                          එකතුව                                       -                1,632

 

ඒවායේ නම් ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

 

(ii) වයඹ පළාතේ පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති පවුල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

 

(iii) • ජාතික ජල සම්පාදන මණ්ඩලය මඟින් වයඹ පළාතේ පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ව්‍යාපෘතියේ නම, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 03** මඟින් දක්වා ඇත.

• ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් වයඹ පළාතේ පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව, එම එක් එක් ව්‍යාපෘතියේ නම, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 04** මඟින් දක්වා ඇත.

 

(iv) • ජාතික ජල සම්පාදන මණ්ඩලය මඟින් වයඹ පළාතේ පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඇමුණුම 05** මඟින් දක්වා ඇත.

• ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් වයඹ පළාතේ පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඇමුණුම 06** මඟින් දක්වා ඇත.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2024-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks