E   |     |  

 දිනය: 2024-05-14   පිළිතුර ලබා දී ඇත 

2082/2024: ලංකා විදුලිබල මණ්ඩලය කුලියට ගෙන ඇති ගොඩනැඟිලි: මිල ගණන්

----

අසන ලද දිනය

2024-05-14

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම සඳහා සහ වෙනත් කටයුතු සඳහා කුලියට ගෙන ඇති ගොඩනැඟිලි සංඛ්‍යාව 388කි.

              (ii)      වර්ෂ 2015 සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීම සඳහා සහ වෙනත් කටයුතු සඳහා කුලියට ගෙන ඇති ගොඩනැඟිලි සඳහා ගෙවා ඇති කුලී මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

වර්ෂය

මුළු කුලී මුදල (රුපියල්)

2015

207,915,606.00

2016

236,616,663.00

2017

280,394,274.00

2018

339,904,918.00

2019

350,255,317.00

2020

386,751,215.00

2021

440,899,755.00

2022

471,956,910.00

2023

488,419,227.00

2024  පෙබරවාරි මස 29 වන දිනට

82,134,561.00

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(iii) ඔව්. කෙසේ නමුත් පාරිභෝගික සේවාවන් වඩා පුළුල්ව, කාර්යක්ෂමව ලබා දීම සඳහා අත්‍යවශ්‍ය අවස්ථාවල නිසි ක්‍රමසම්පාදන ක්‍රියාවලියක් තුළින් ලංකා‍ විදුලිබල මණ්ඩල කාර්යාල පවත්වාගෙන යාමට අවශ්‍ය ගොඩනැඟිලි ලබා ගැනීමට සිදු වේ.

 

(iv) කුලියට ගත් ගොඩනැඟිලිවල ඇති කාර්යාල හැකිතාක් ලංකා විදුලිබල මණ්ඩලය සතු ගොඩනැඟිලි වෙත ගෙන යමින් එම පිරිවැය අවම කර ගැනීමට කටයුතු කරමින් සිටී.

 

(ආ) සියලු තොරතුරු ඉහතින් දක්වා ඇති බැවින් අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-05-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks