පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-21
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා
.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) මාස 6 සිට අවුරුදු 5 දක්වා දරුවන් ඇතුළත් කරගනු ලබයි.
(iii) ඔව්.
දරුවන් 20,343 දෙනෙක් එම මධ්‍යස්ථානවල ලියාපදිංචි වී ඇත. එම මධ්‍යස්ථානවලට දිනපතා දරුවන්ගේ පැමිණීම 14,609ක්, එනම් සියයට 72ක් පමණ වේ.
(ආ) (i) මූලික සුදුසුකම් වනුයේ, ළමා සංවර්ධනය සහ පෙර පාසල් අධ්‍යාපන හා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරිය යුතු වීම. මූලික අධ්‍යාපන සුදුසුකම් වන්නේ, අ.පො.ස.(උසස් පෙළ) හා අ.පො.ස.(සාමාන්‍ය පෙළ) ප්‍රතිඵල සහ ළමා සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කර අත්දැකීම් ලබා තිබීම.
(ii) කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මඟින් පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හඳුන්වා දී ඇති ජාතික ප්‍රතිපත්තිය මත සකස් කළ ප්‍රමිතීන් හා රෙගුලාසි අනුගමනය කෙරේ. මේ සඳහා වැවිලි මානව සංවර්ධන භාරය මඟින් නිරන්තර පුහුණු හා ඇගැයීම් ක්‍රියාත්මක කරනු ලැබේ. මීට අමතරව පළාත්වල මුල් ළමාවිය සංවර්ධන අධිකාරින් විසින් හඳුන්වා දී ඇති ප්‍රමිතීන් අනුගමනය කරනු ලැබේ.
(iii) ඒ සම්බන්ධව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නිරත පූර්ව ළමා සංවර්ධන නිලධාරින් විසින් ඔවුන්ව දැනුවත් කළ යුතුය. එමඟින් අප අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කළහොත්, ඒ සම්බන්ධව අවශ්‍ය සහයෝගය ළමා සංවර්ධන මධ්‍යස්ථාන දියුණු කිරීම සඳහා ලබා දිය හැක.
තවද, මේ සම්බන්ධයෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය මඟින් වැඩිදුර තොරතුරු ලබාගත හැක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks