පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2055/2024
ගරු වේලු කුමාර් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුනෙස්කෝ සංවිධානය විසින් මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්;
(ii) ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රාශියක් එම නගරයේ පිහිටා ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මහනුවර නගරයේ පිහිටි ලෝක උරුමයන් ලෙස හඳුනාගෙන ඇති පූජනීය ස්ථාන සහ ගොඩනැගිලි කවරේද;
(ii) ඒවා ආරක්ෂා කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය විසින් මූල්‍යාධාර ලබා දෙන්නේද;
(iii) එසේ නම්, ලබා දෙනු ලබන වාර්ෂික මූල්‍යාධාරය කොපමණද;
(iv) මහනුවර නගරයේ පිහිටි ලෝක උරුමයන් ලෙස හඳුනාගෙන ඇති පෞද්ගලික ගොඩනැගිලි කවරේද;
(v) එම ගොඩනැගිලි හිමිකරුවන්ටද කිසියම් මූල්‍යාධාරයක් ලබා දෙන්නේද;
(vi) එසේ නම්, එම මූල්‍යාධාරය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත (ආ)(i)හි සඳහන් ස්ථාන ඒ අයුරින්ම පවත්වාගෙන යන්නේද;
(ii) ඒවායේ වෙනස්කම් සිදු කිරීමට අවසර ලබා දී තිබේද;
(iii) මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-07
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) මහනුවර පූජනීය නගරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේදී අදාළ නිර්ණායක අනුව මහනුවර පූජනීය නගරය සම්පූර්ණයෙන් එහි ඇති පූජනීය ස්ථාන, වීථි, උද්‍යාන, ජලාශ, පෞද්ගලික ගොඩනැගිලි ආදී පෞරාණික හා පූජනීය ලක්ෂණ ඇති සියලු දේ එහි කැපී පෙනෙනසුලු විශ්වීය උරුමය තීව්‍ර කිරීමේ අංගයන් ලෙස හඳුනාගෙන ඇත. මේ අතරින් පූජනීය ගොඩනැගිලි 17ක්, රාජ්‍ය ආයතන 30ක් හා පෞද්ගලික ගොඩනැගිලි 471ක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කළමනාකරණ පහසුව සඳහා විශේෂයෙන් හඳුනාගෙන ඇති අතර, එකී ගොඩනැගිලි ආරක්ෂා කරගත යුතු ගොනැගිලි වශයෙන් ලාංඡනයක් සවි කර පෙන්වා දී ඇත.
(ii) ඒවා ආරක්ෂා කිරීම සදහා යුනෙස්කෝ සංවිධානය විසින් මූල්‍යාධාර ලබා දෙන්නේ නැත. නමුත් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා මුදල් ඉල්ලීමේ හැකියාව ඇත.
(iii) අදාළ නොවේ.
(iv) ලෝක උරුමයක් ලෙස පෞද්ගලික ගොඩනැගිලි හඳුනාගෙන නැත. නමුත් ලෝක උරුම නගරය තුළ ඉහත (ආ) (i) පරිදි පෞද්ගලික ගොඩනැගිලි 471ක් ඇත.
(v) නැත.
(vi) අදාළ නොවේ.
(ඇ) (i) ඔව්.
(ii) සංරක්ෂණ ප්‍රතිපත්තිවලට අදාළව ඒවායේ ස්ථානය වෙනස් නොවන පරිදි නූතන අවශ්‍යතා අනුව වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීමට ලෝක උරුම සැලසුම් අනුකමිටුවේ නිර්දේශ මත මහනුවර මහ නගර සභාවට බලය ඇත.
(iii) 1. මහනුවර මහ නගර සභාවේ ලෝක උරුම සංරක්ෂණ තාක්ෂණික අනුකමිටුව පවත්වාගෙන යෑම.
2. පාසල් ලෝක උරුම කමිටු පැවැත්වීම (දැනට නැවතී ඇත)
3. ජයිකා ව්‍යාපෘතිය යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks