01

E   |     |  

 දිනය: 2024-08-07   පිළිතුර ලබා දී ඇත 

2048/2024: නෙළුම් කුලුන ඉදිකිරීම: වැය කළ මුදල

----

අසන ලද දිනය

2024-08-07

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඇමෙරිකානු ඩොලර් මිලියන 113.65යි.

               (ii)      නැත.

               (iii)      අදාළ නැත.

               (iv)      චීන එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 67.26ක ණය මුදලක් වශයෙන් හා ඉතිරි මුදල ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් ආයෝජනයෙන් මෙම ඉදිකිරීම සිදු කර ඇත.

                (v)      චීන  එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.

   (vi) නෙළුම් කුලුන විවෘත කරන ලද දින සිට මේ දක්වා එහි ආදායම සහ වියදම සම්බන්ධයෙන් එහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන සමාගම වන Colombo Lotus Tower Management Company (Pvt.) Ltd. විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු පහත පරිදි වේ.

 

 

 

 

(ආ) (i) 2010.10.29 දිනැති අංක 10/2473/401/031 දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව කොන්ත්‍රාත් සමාගම නම් කර ඇත.

       (ii) 2010.10.29 දිනැති අංක 10/2473/401/031 දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව කොන්ත්‍රාත් සමාගම නම් කර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත මෙම ඉදිකිරීම් සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

      (iii) ඉදිකිරීම් කටයුතු China National Electronics Imp. & Exp. Corp. (CEIEC) සහ Aerospace Long - March International Trade Co. Ltd (ALIT) යන චීන සමාගම් දෙකෙහි ඍජු මැදිහත්වීමෙන් සිදු කර ඇත. Mr. Cai Xiaofeng එහි ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කරයි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks