04

E   |     |  

 දිනය: 2024-06-07   පිළිතුර ලබා දී ඇත 

2045/2024: ආර්ථික සංවර්ධන නිලධාරින්: විස්තර

----

අසන ලද දිනය

2024-06-07

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අනුමත තනතුරු ගණන - 16,341කි.

                        දැනට සේවයේ නිරත නිලධාරින් සංඛ්‍යාව - 17,569කි. විස්තර ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

                                                                                                                        ඇමුණුම 01

 

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ අනුමත තනතුරු සංඛ්‍යාව

 

අනු අංකය

දිස්ත්‍රික්කය

අනුමත තනතුරු ගණන

දැනට සේවයේ නිරත නිලධාරින් සංඛ්‍යාව

01

කොළඹ

638

601

02

ගම්පහ

1255

1253

03

කළුතර

832

876

04

මහනුවර

1380

1588

05

මාතලේ

601

788

06

නුවරඑළිය

491

484

07

ගාල්ල

1009

1009

08

මාතර

776

777

09

හම්බන්තොට

636

680

10

යාපනය

582

581

11

මන්නාරම

173

175

12

වවුනියාව

150

176

13

මුලතිව්

190

88

14

කිලිනොච්චි

143

100

15

මඩකලපුව

451

455

16

අම්පාර

656

1182

17

ත්‍රිකුණාමලය

318

317

18

කුරුණෑගල

1900

1901

19

පුත්තලම

642

612

20

අනුරාධපුර

806

955

21

පොළොන්නරුව

337

284

22

බදුල්ල

645

724

23

මොනරාගල

409

639

24

රත්නපුර

683

675

25

කෑගල්ල

638

649

මුළු එකතුව

16,341

17,569

 

(ii) 2013 වර්ෂයේදී සංවර්ධන නිලධාරින් 14,000ක් බඳවා ගෙන ඇත.

                        2015 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්තව සිටි එම ආර්ථික සංවර්ධන නිලධාරින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇත. (ස්වදේශ කටයුතු චක්‍රලේඛ 5/2015 - ඇමුණුම 02** මඟින් දක්වා ඇත.)

              (iii)      HA/1/1/9/11 ‍‍ගොනු අංකයේ 2022.11.25 දිනැති ලිපිය මඟින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ආර්ථික සංවර්ධන නිලධාරින් හට රාජකාරි ලැයිස්තුව ඇතුළත් ලිපියක් යොමු කර ඇත. එය ඇමුණුම 03** මඟින් දක්වා ඇත.

(iv) එය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විමසීම වඩා යෝග්‍ය බව දන්වා සිටිමි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks