01

E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

2622/2013: උතුරු වසන්තය වැඩසටහන : ක්‍රියාත්මක කළ වැඩසටහන්

2622/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2009, 2010 සහ 2011 යන වර්ෂයන්හිදී උතුරු වසන්තය වැඩසටහන යටතේ, උතුරු පළාතේ ක්‍රියාත්මක වූ වැඩස‍ටහන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)    ඉහත වැඩසටහන් සඳහා,

‍‍‍              (i)      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  මට්ටමින් වැය කළ මුදල; 

  (ii)  විෂය මට්ටමින් වැය කළ මුදල;

කොපමණද යන්න වෙන් වෙන් වශයෙන්  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  උතුරු පළාතේ සංවර්ධනය සඳහා ඉහත වැඩසටහන් ප්‍රමාණවත්වේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)         2009, 2010 හා 2011 වර්ෂයන්හිදී උතුරු වසන්තය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ වැඩසටහන පහත පරිදි වේ.

            වසර තිහක් පුරාවට උතුරු, නැ‍ඟෙනහිර පළාත්වල පැවති යුධමය වාතාවරණය මුළුමනින්ම නිමා කර වසර 05කට අධික කාලයක් ගෙවී ඇති බවත්, පැවති බිහිසුණු යුධමය වටපිටාව හේතුවෙන් සමස්ත සමාජය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතභාවය සමාජය වෙතින් මේ වන විට මුළුමනින්ම තුරන් වී ඇති බවත් මහත් අභිමානයෙන් යුතුව මෙම ගරු සභාවට සිහිපත් කරනු කැමැත්තෙමි.

ඔබ කවුරුත් දන්නා පරිදි රටේ පැවති කැළඹිලි ස්වභාවය නිසා ආරක්ෂක කපොලු ආරක්ෂක මුර පොළවල් රැසක් පිහිටුවා තිබූ අතර මෙහිදී සාමාන්‍ය ජනතාව  දැඩි සෝදිසි කිරීම්වලට බඳුන් වූ අතර ගමනාගමනයේ යෙදීම අතිශය පීඩාකාරී අත්දැකීමක් විය.

යුද්ධය සමයේ වඩාත් පීඩාවට පත් වූයේ උතුරු පළාතේ ජනතාවයි. ත්‍රස්ත ග්‍රහණයට හසු වූ උතුරු පළාතේ ජනතාවට දේශපාලන මතවාද ඉදිරිපත් කිරීමේ නිදහස, ඡන්ද බලය භාවිත කිරීමේ අයිතිය සීමා වූ අතර, විවිධ දේශපාලනික මත දරන ලද දමිළ නායකයන් රැසක් ඉතා අමානුෂික ලෙස ඝාතනය විය. එමෙන්ම රජයේ සංවර්ධන වැඩ පිළිවෙළ පසු ගිය දශක 3ක් පුරාවටම උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට‍ නොහැකි විය. ඉදි කිරීම් කටයුතු සඳහා යවන ලද අමුද්‍රව්‍ය ත්‍රස්ත ග්‍රහණයට හසු වූ අතර, මාර්ග බෝක්කු හා පාලම් පුපුරවා හරින ලදී. උතුර දකුණ යා කරන ලද දුම්රිය මාර්ගය ද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. විදුලි සම්ප්‍රේෂණ රැහැන්, සන්නිවේදන යටිතල පහසුකම්, ජල සම්පාදන පද්ධති සම්පූර්ණයෙන් විනාශ කරන ලදී. එබැවින් උතුරු පළාත සම්පූර්ණයෙන්ම නැවත සංවර්ධනය කළ යුතු කලාපයක් බවට පත්ව තිබිණි.

රටේ සමස්ත සංවර්ධන ප්‍රතිපත්තිය වන මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව උතුරු පළාතේ සංවර්ධනය සඳහා උතුරු වසන්තය සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලදී.

උතුරු පළාතට සංවර්ධනයේ අරුණළු උදා කරමින් උතුරු වසන්තය වැඩ සටහන ආරම්භ කරන ලද්දේ දින 180ක වැඩ සටහනක් ලෙසිනි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා රජය  පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන හා විදේශාධාර ලබා දෙන ආයතන ඒකාබද්ධව මූල්‍ය අනුග්‍රහය දක්වන අතර භෞතික මෙන්ම මූල්‍ය ප්‍රගතිය ද අධීක්ෂණය කරන ලදී. මෙහිදී සමහර වියදම් එම ආයතන විසින්ම දරන ලදී. උතුරේ සිදු කරන ලද ප්‍රධාන සංවර්ධන කාර්යයන් පහත පරිදි සඳහන් කළ හැකිය.

  • බිම් බෝම්බ ඉවත් කිරීම හා ජනතාව නැවත පදිංචි කිරීම
  • උතුරු පළාතේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය
  • කෘෂිකර්මය නඟාසිටුවීම
  • ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම

බිම් බෝම්බ ඉවත් කිරීම හා නැවත පදිංචි කරවීම

යුද්ධය පැවති වකවානුවේ වළලන ලද බිම් බෝම්බ ප්‍රමාණය මිලියන 1.5ක් පමණ වෙතැයි ගණන් බලා ඇති අතර උතුරු හා නැ‍ඟෙනහිර පළාත් දෙකේම ගම්මාන 640ක් පමණ බිම් බෝම්බ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ ලෙස හඳුනා ගන්නා ලදී. එබැවින් ගැටුම් අවසානයත් සමඟ මතු වූ කඩිනම් අවශ්‍යතාව වූයේ සියලුම ආකාරයේ පුපුරා නොගිය අවි කොටස් හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයට පත් වී තිබුණු ගැටුම්වලින් බලපෑමට පත් වූ ප්‍රදේශයන්හි බිම් බෝම්බ ඉවත් කර ජනතාවට නැවත පදිංචි විය හැකි අනාරක්ෂිත බවින් තොර පරිසරයක් ගොඩ නැඟීමයි. අවතැන් වූවන් ඔවුන්ගේ මුල් වාසස්ථානයන්හි නැවත පදිංචි කිරීමේදී සහ ගැටුම් බල පැවැත්වූ ප්‍රදේශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී බිම් බෝම්බ පැවතීම මහත් බාධාවක් විය. එම නිසා බෝම්බවලින් තොර පරිසරයක් ගොඩනැඟීම ඉලක්ක කර ගෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.  බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමාණවත් මානව සම්පත් යොදවන ලදී. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක්ද මේ සඳහා දායකත්වයක් දක්වන ලදී.

2013 වර්ෂය අවසන් වන විට උතුරු පළාතේ බිම් බෝම්බ තිබූ සම්පූර්ණ බිම් ප්‍රමාණයෙන් සියයට 96ක (වර්ග මීටර් 1,357,930,226) පමණ බිම බෝම්බ ඉවත් කිරීමට රජය සමත් විය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන - 2013.12.31 දිනට ප්‍රගතිය

දිස්ත්‍රික්කය

බිම් බෝම්බ උවදුරට ගොදුරු වූ මුළු භූමි ප්‍රමාණය  (වර්ග මීටර)

සම්පූර්ණයෙන් බිම් බෝම්බ ඉවත් කර ඇති මුළු භූමි ප්‍රමාණය ( වර්ග මීටර)

තවදුරටත් බිම් බෝම්බ ඉවත් කිරීමට ඇති භූමි ප්‍රමාණය (වර්ග මීටර

යාපනය

        51,935,532

       47,934,500

    3,807,011

කිලිනොච්චිය

      597,375,765

     579,316,088

  18,059,677

මුලතිව්

      230,331,444

     214,148,015

  16,183,429

වවුනියාව

      223,251,300

     218,172,099

    5,079,201

මන්නාරම

      314,669,910

     298,165,504

  16,504,406

එකතුව

1,417,563,950

1,357,930,226

59,633,724

 

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම 2009 වර්ෂයේදී මන්නාරම දිස්ත්‍රික්කයේ මූසලි හා නනඩ්ඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ආරම්භ විය. මෙහිදී පවුල් 3,125කට අයත් සාමාජිකයන් 12,690ක් ග්‍රාම නිලධාරි වසම් 15ක පදිංචි කරවන ලදී. 2009 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2,328කට අයත් සාමාජිකයන් 7,584කට ස්ථාවර වාසස්ථාන ලබා දෙන ලදී. එමෙන්ම මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැඩි ප්‍රමාණයක් නැවත පදිංචි කරවන ලදී. නැවත පදිංචි කරන සෑම පවුලක් සඳහාම වියළි ආහාර සලාක, වහළය සෙවිලි කර ගැනීම හා බිම් සකස් කර ගැනීමට ආධාර, සිමෙන්ති වැනි ද්‍රව්‍යමය ආධාර කට්ටලයක් ලබා දෙන ලදී. අවතැන් ජනතාවගේ සනීපාරක්ෂක හා ජල පහසුකම් පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කරන ලදී.

2011.12.31 දිනට නැවත පදිංචි කිරීමේ වැඩ සටහන අත්කර ගෙන ඇති ප්‍රගතිය.

 

 

දිස්ත්‍රික්කය

නැවත පදිංචි කරන ලද පුද්ගලයන් ගණන

යාපනය

 117,439

කිලිනොච්චිය

 123,254

මුලතිව්

   94,874

වවුනියාව

   40,218

මන්නාරම

   93,775

එකතුව

469,560

යුද්ධය අවසන් වීමත් සමඟ අවතැන්වූවන් තාවකාලික කඳවුරුවල පදිංචි කරවූ අතර 2009 වසරේ සිට ඔවුන්ට ස්ථිර නිවාස ලබා දීම ආරම්භ කරන ලදී.

 

දිස්ත්‍රික්කය

2009 වර්ෂය

2010 වර්ෂය

2011 වර්ෂය

 

ලබා දුන් නිවාස

වියදම රු. මි.

ලබා දුන් නිවාස

වියදම   රු. මි.

ලබා දුන් නිවාස

වියදම රු. මි.

යාපනය

  2330

 523.98

    962

 761.88

   4944

  913.20

කිලිනොච්චිය

 

 

      93

 645.37

   4631

  858.73

මුලතිව්

 

 

 

 

         2

      0.21

වවුනියාව

    581

 145.57

 

 

 

 

මන්නාරම

    220

 122.37

    466

 280.70

    1045

  125.19

එකතුව

 3,131

791.92

1,521

1,687.95

10,622

1,897.33

ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් සංවර්ධනය

යුද සමයේදී ත්‍රස්තවාදී ග්‍රහණයට හසු වූ යටිතල පහසුකම් බොහොමයක් යුද්ධය අවසන් වීමත් සමඟ සුන්බුන් ගොඩක් බවට පත්ව තිබුණි. එබැවින් උතුරු වසන්තය වැඩසටහන යටතේ මහා මාර්ග, දුම්රිය මාර්ග, වාරිමාර්ග, විදුලි බලය හා බලශක්ති හා ජල සම්පාදනය ආදී ක්ෂේත්‍රයන්හි විශාල ලෙස මුදල් ආයෝජනය කරන ලදී.

  • මාර්ග හා පාලම් සංවර්ධනය

මාර්ග හා පාලම් සංවර්ධනය අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයන් වනුයේ උතුරු පළාතේ සියලු සංවර්ධන කටයුතු කාර්යක්ෂමව කර ගෙන යෑමට නම් ඉතා උසස් මට්ටමේ මාර්ග හා පාලම් ඇතුළු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවයි. එබැවින් මාර්ග සංවර්ධනයට උතුරු වසන්තය වැඩ සටහන මඟින් වඩාත් ප්‍රමුඛතාවක් හිමි විය. මාර්ග පද්ධතිය ක්‍රමවත්ව සකස් කිරීම සඳහා රජය මෙන්ම විදේශාධාර ආයතන ද විශාල මූල්‍ය දායකත්වයක් සපයන ලදී. ප්‍රාදේශීය වශයෙන් ගත් කළ උතුරු පළාතේ තිබෙන දුරස්ථභාවය අවම කිරීමත්, තුළිත ප්‍රාදේශීය සංවර්ධනයක් ළඟා කර ගැනීමත් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණයි. උතුරු පළාතේ A හා B ශ්‍රේණියේ මාර්ග කි.මි. 1865ක් කුඩා හා මධ්‍ය පරිමාණ පාලම් 32ක් ඉදි කිරීම වෙනුවෙන් රු.මි. 61,730.94ක් ආයෝජනය කර ඇත.

ප්‍රධාන පාලම් ව්‍යාපෘති සඳහා වැය කරන ලද මුදල පහත පරිදි දැක්විය හැකිය.

 

පාලම් ව්‍යාපෘතිය

රු. මි.

A32 මාර්ගයේ ඉදි කරන ලද සංගුප්පිට්ටි පාලම

    983.00

A14 මාර්ගයේ ඉදි කරන ලද නව මන්නාරම පාලම

  2460.00

තල්ලඩි-අරුප්පු මාර්ගයේ ඉදි කරන ලද අරුවිආරු පාලම

    151.42

 

  • බස් රථ ප්‍රවාහනය

උතුරු පළාත සඳහා නව බස් රථ 40ක් ලබා දීම, දැනට තිබෙන බස් රථ 62ක නඩත්තු කටයුතු සිදු කිරීම හා බස් ඩිපෝ ඉදි කිරීම යනාදී කටයුතු සිදු කිරීම සඳහා ආයෝජනය කරන ලද මුදල රුපියල් මිලියන. 633.89කි.

  • දුම්රිය මාර්ග සංවර්ධනය

ගොඩබිම් ප්‍රවාහනයේදී මහා පරිමාණ මඟීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන්නේ දුම්රියයි. යුද්ධයට පෙර යාපන අර්ධද්වීපයේ සිට ප්‍රධාන ගොඩබිමටත්, ප්‍රධාන ගොඩබිමේ සිට යාපනය අර්ධද්වීපයටත් මඟීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරමින් යාපනය අර්ධද්වීපය හුදකලා නොකර සම්බන්ධතා පවත්වා ගැනීමට මහත් රුකුලක් සපයන ලද්දේ දුම්රිය ප්‍රවාහනයයි.

යුද්ධය පැවති දශක තුනක කාලයේදී මුළුමනින්ම විනාශ කරන ලද උතුරු දුම්රිය මාර්ගය හා දුම්රිය නැවතුම් පොළවල් "උතුරු වසන්තය" වැඩ සටහන යටතේ රුපියල් මිලියන 23,505.97ක් ආයෝජනය කරමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

දුම්රිය මාර්ගයේ නම

සංවර්ධනය කරනු  ලබන දුර කි.මී

කන්කසන්තුරෙයි සිට පලෙවි දක්වා

  56

ඕමන්තෙයි සිට පලෙවි දක්වා

  90

මැදවච්චිය සිට මඩු දක්වා

  43

මඩු සිට තලෙයිමන්නාරම දක්වා

  63

එකතුව

252

  • විදුලිබලය හා බලශක්ති

උතුරු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ විදුලි බලයයි. "උතුරු වසන්තය" වැඩ සටහනේ ප්‍රතිපත්ති රාමුවේ පැහැදිලිව සඳහන් කර ඇති කරුණක් වනුයේ උතුරු කලාපය සඳහා විදුලිය ලබා දීමයි. 2009/2010කාල වකවානුවේදී රජය විශාල මුදලක් ආයෝජනය කරමින් ග්‍රාමීය විදුලි සැපයුම් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන ලදී. රුපියල් මිලියන 10,460.00ක් ආ‍යෝජනය කරමින් යාපනය අර්ධද්වීපයට විදුලිය සපයන චුන්නාකම් විදුලි උපපොළ හා කිලිනොච්චි හා චුන්නාකම් දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදි කිරීමත්, වවුනියාව සිට කිලිනොච්චි දක්වා වන විදුලි සම්ප්‍රේණෂ රැහැන් පද්ධතිය ඉදි කිරීම හා වවුනියාව විදුලි උපපොළ ඉදි කිරීමත් මෙම අංශය යටතේ සිදු කරන ලද විශාලතම ආයෝජන වේ.

2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා උතුරු පළාතේ විදුලි සැපයුමෙහි ඇතිවී ඇති ප්‍රගතිය

 

දිස්ත්‍රික්කය

2009

2011

යාපනය

60%

80%

කිලිනොච්චිය

-

29%

මුලතිව්

-

23%

වවුනියාව

62%

77%

මන්නාරම

37%

60%

 

  • තොරතුරු තාක්ෂණය

උතුරු පළාතේ යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයන්හි පාසල් ශිෂ්‍යයන්ගේ හා රැකියා අපේක්ෂිත කරුණ තරුණියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 24.68ක් වැය කර ඇති අතර මෙමඟින් ශිෂ්‍යයන් හටත්, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැසකටත් ප්‍රතිලාභ අත්වේ.

  • කෘෂිකර්මය

උතුරු පළාතේ ජීවත් වන සාමාන්‍ය ජනතාවගෙන්  සියයට 80ක් පමණ තම ජීවනෝපාය කර ගෙන ඇත්තේ කෘෂිකර්මාන්තයයි. "උතුරු වසන්තය" වැඩසටහන යටතේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා පහත සඳහන් සංවර්ධන කාර්යයන් සිදු කරන ලදී.

කුඩා හා මධ්‍ය පරිමාණ වාරි කර්මාන්ත ප්‍රතිසංස්කරණය

 

දිස්ත්‍රික්කය

වියදම රු.මි

 

2009

2010

2011

යාපනය

   32.23

   47.38

    -

කිලිනොච්චිය

     0.07

   83.17

   56.02

මුලතිව්

     3.15

   33.2

 218.55

වවුනියාව

   21.56

   66.4

   73.2

මන්නාරම

     5.73

   90.62

  69.62

එකතුව

  62.74

320.77

417.39

 මහා පරිමාණ වාරි කර්මාන්ත ප්‍රතිසංස්කරණය

 

 

දිස්ත්‍රික්කය

වියදම රු.මි

 

2009

2010

2011

යාපනය

   79.32

-

   51.08

කිලිනොච්චිය

-

   26.91

 218.42

මුලතිව්

   34.18

   48.87

   64.12

වවුනියාව

-

   31.29

   94.53

මන්නාරම

 178.22

 156.66

 114.81

එකතුව

291.72

263.73

542.96

 

 

වාරි කර්මාන්ත ප්‍රතිසංස්කරණයට අමතරව කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා අවශ්‍ය වන ගබඩා, බීජ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තවාන්, ගොඩනැඟිලි ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය සඳහාත් සත්ව පාලනය හා ධීවර කර්මාන්තය සඳහා "උතුරු වසන්තය" වැඩ සටහන යටතේ ලබා දුන් ප්‍රතිපාදන පහත දක්වා ඇත.

 

 

අංශය

වියදම රු.මි

 

2009

2010

2011

කෘෂිකාර්මික ගොඩනැඟිලි ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය

  7.57

  70.99

289.36

සත්ව පාලනය

  7.26

  12.17

  46.15

ධීවර කර්මාන්තය

  2.89

372.86

  34.01

ත්‍රස්තවාදී සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම

උතුරු පළාතේ යුද ගැටුම් නිමා වීමත් සමඟම ත්‍රස්තවාදී සාමාජිකයන් පුනරුත්ථාපනය කර ඔවුන් මානසික හා කායිකව ශක්තිමත් කර නැවත සිවිල් සමාජයට‍ මුදා හැරීම "උතුරු වසන්තය" වැඩ සටහන යටතේ සිදු කරන ලද භාරදූර කාර්යය විය. මෙම පුනරුත්ථාපන වැඩ සටහන යටතේ සටන්කරුවන් 11,664ක් පුනරුත්ථාපනය කරන ලදී. ඉන් 594ක් එනම්, මුළු සංඛ්‍යාවෙන්  සියය 5ක ප්‍රතිශතයක් අවු.12-18ත් අතර ළමා සොල්දාදුවන් වූ අතර එම සංඛ්‍යාවෙන් 231ක්

පිළිතුරු දුන් දිනය

2014-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks