01

E   |     |  

 දිනය: 2024-08-21   පිළිතුර ලබා දී ඇත 

2026/2024: මඩකලපුව දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම: සැලසුම්

----

අසන ලද දිනය

2024-08-21

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

(අ)           (i)      අක්කර 200,057යි.

              (ii)      එක් කන්නයක් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය (වර්ෂාපෝෂිත - මහ) - අක්කර 105,402යි.

                        කන්න දෙකක් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය (යල සහ මහ) - අක්කර 94,655යි.

                        කන්න තුනක් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය - නැත.

(iii) ඔව්.

(iv)

  • කුඩා ලියදි එක්කර විශාල ලියදි ඇති කිරීම සහ ලේසර් යන්ත්‍රය භාවිතයෙන් මට්ටම් කිරීම.
  • තැටි නගුල භාවිත කරමින් පස පෙරළෙන ලෙස ගැඹුරට සීසෑම.
  • බෝග පිහිටුවීමේ පැරෂුට් ක්‍රමය හඳුන්වාදීම / තවාන් කරන ලද වී පැළ ක්ෂේත්‍රවල සිටුවීම.
  • පවර් වීඩර්  යන්ත්‍රය භාවිතයෙන් පේළි අතර ඇති වල් පැළෑටි ඉවත් කිරීම.
  • රසායනික පොහොර නිර්දේශයට අමතරව ගොම පොහොර වැනි කාබනික පොහොර භාවිතය. (කාබනික පොහොර ටොන් 02, දහයියා අඟුරු කිලෝ ග්‍රෑම් 250, කොළ පොහොර මිටි 40)
  • වැඩිදියුණු කළ නව වී ප්‍රභේදවල ගුණාත්මක බිත්තර වී භාවිතය. (ඉහළ අස්වැන්නක් ලබාදෙන)
  • බිත්තර වී නිෂ්පාදනය කරන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම.
  • ඒකාබද්ධ පළිබෝධ පාලනය.
  • පසු අස්වනු තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම.
  • ගෘහස්ථ මට්ටමේ ගබඩා ප්‍රචලිත කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks