පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-24
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2021.02.10 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඇති බව ප්‍රකාශ කර ඇත.
(ii) එවැනි අමාත්‍ය මණ්ඩල තීරණයක් පිළිබඳව පවතින ලේඛන අනුව අනාවරණය නොවේ.
(iii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනා ගැනීමට ප්‍රමාණවත් අවස්ථා ගණනාවක් සහ ප්‍රමාණවත් තරම් කාලය ලබා දී තිබුණ ද එය සාර්ථක කර ගැනීමට "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය අපොහොසත් විය.
(ආ) (i) "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය විසුරුවා හැරීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් 2021.02.16 දින කොළඹ වාණිජ මහාධිකරණයේ අංක CHC/19/2021/CO යටතේ පෙත්සමක් ගොනු කර ඇත.
(ii) "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත හැකි සියලු පුනර්ජීවන ක්‍රියාමාර්ග අසාර්ථක වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආයතනය ඈවර කිරීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය තවදුරටත් අලාභ ලැබීම වැළැක්වීම සහ ඈවරකරණ ක්‍රියාවලියේදී ඉතිරි තැන්පත්කරුවන්ට සහ ණය හිමියන්ට ගෙවිය යුතු මුදල් උපරිම කිරීම සඳහා ගත හැකි එකම විකල්පය වූයේ ඈවර කිරීමයි.
(iii) එවැනි ව්‍යාකූලතාවක් ඇති වීමට හේතුවක් නොමැත. තවද, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ වැඩසටහන යටතේ 2024 අප්‍රේල් මස අවසන් වන විට රුපියල් මිලියන 12,867.32 පමණ මුදලක් රක්ෂණ වන්දි වශයෙන් ගෙවා නිම කර ඇත.
(ඇ) (i) 2020.05.22 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් 2020.06.07 දින සිට "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." ආයතනයෙහි තැන්පත්කරුවන් සඳහා රක්ෂණ වන්දි ගෙවීම් ආරම්භ කරන ලදී.
පසුව 2021.03.16 දින පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ඇති තැන්පත්කරුවකුට ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල රුපියල් 600,000 සිට රුපියල් 1,100,000 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී.
තවදුරටත්, මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙහි පවතින රෙගුලාසි සංශෝධනය කිරීමටත්, "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." හි ඒ වන විටත් රක්ෂණ වන්දි මුදල් ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ට වැඩි කළ රුපියල් 500,000ක රක්ෂණ වන්දි මුදල ගෙවීමටත්, අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වැඩි කරනු ලැබූ රුපියල් 500,000ක රක්ෂණ වන්දි මුදල "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." හි ඒ වන විටත් රක්ෂණ වන්දි ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ට ගෙවීම 2021.04.12 දින සිට ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ නියෝග, නීති රීති සහ රෙගුලාසිවලට අනුව, "ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී." හි තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීම 2024.05.21 වන දින දක්වා සිදු කරන ලදී.
(ii) ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා අරමුදලෙහි ඇති රුපියල් බිලියන 60ක මුදල භාවිත කරමින් අදාළ තැන්පත්කරුවන්ට සම්පූර්ණ මුදල ලබා දීමේ හැකියාවක් නොමැත.
(iii) 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ඇති තැන්පත්කරුවෙකුට ගෙවිය යුතු උපරිම රක්ෂණ වන්දි මුදල රුපියල් 1,100,000කි.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යනු 2010 වර්ෂයේ දී ස්ථාපනය කරන ලද රක්ෂණ යෝජනා ක්‍රමයක් වන අතර, ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අරමුදල් සැපයෙනුයේ බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් නියමිත කාලවලදී ගෙවනු ලබන වාරික මුදල්වලින් වේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමයෙහි අරමුණ වනුයේ, බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්වල තැන්පත්කරුවන් විසින් කරනු ලබන තැන්පතු රක්ෂණය කිරීම වන අතර යම් හෙයකින් එම ආයතනවල බලපත්‍රය අවලංගු කළහොත් එම ආයතනවල තැන්පත්කරුවන්ට රුපියල් 1,100,000ක උපරිමයක් දක්වා රක්ෂණ වන්දි ගෙවීම සිදු කිරීම වේ. එමෙන්ම බැංකු (විශේෂ විධිවිධාන) පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති නියෝග අනුව, ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සහ විදේශ විනිමය තැන්පතු යන දෙවර්ගයටම අදාළව සුදුසුකම් ඇති තැන්පත්කරුවෙකුට ගෙවිය යුතු උපරිම වන්දි මුදල රුපියල් 1,100,000ක සීමාවකට යටත් වේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks