01

E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

2023/2024: මඩකලපුව, මහිලූර් මධ්‍යම බෙහෙත්ශාලාව: පහසුකම් සැපයීම

2023/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේ දකුණ එරුවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහිලූර් ප්‍රදේශයේ, මහිලූර් මධ්‍යම බෙහෙත් ශාලාව ස්ථාපිත කර ඇති බවත්;

             (ii)      ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව පදිංචි වී සිටි ඉඩමක් අත්පත් කර ගෙන එම බෙහෙත් ශාලාව ස්ථාපිත කරන ලද බවත්;

(iii) එම ජනතාවට පදිංචි වීම සඳහා වෙනත් ස්ථානයක විකල්ප ඉඩම් ලබා දීමේදී පෙර පැවති ඉඩමට වඩා ප්‍රමාණයෙන් අඩු ඉඩමක් ඔවුන්ට ලබා දී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, මේ සඳහා විසඳුමක් ලබා දීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ඇ) (i) ඕන්තාච්චිමඩම්, කුරුමන්වෙලි, මහිලූර්, එරුවිල් යන ගම්මානවල ජීවත්වන ජනතාව ප්‍රයෝජන ලබන එම බෙහෙත් ශාලාව සඳහා ස්ථිර වෛද්‍යවරයෙක්, ගිලන්රථ සේවා පහසුකම්, ප්‍රමාණවත් ඇඳන් සහ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, ඉහත සඳහන් අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නේද;

(iii) එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?    

 

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඔව්.

              (ii)      මහජනතාව විසින් අනවසරයෙන් පදිංචි වී සිටි රජයේ ඉඩමක මහිලූර් ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ස්ථාපිත කර ඇත.

              (iii)      අදාළ නොවේ.

(ආ)      පැන නොනඟී.

(ඇ)          (i)     

                      Ø     මහිලූර් ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය සඳහා ස්ථිර වෛද්‍යවරයෙකු සේවයේ නියුක්තව සිටී.

Ø ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක සඳහා ගිලන් රථ සේවා පහසුකම් ලබා දෙනු නොලබන අතර ආසන්නතම ප්‍රාදේශීය රෝහලෙන් එම පහසුකම් සඳහා ඉල්ලීම් කළ හැකිය.

Ø මෙහි බාහිර රෝගී අංශයක් පමණක් ක්‍රියාත්මක වන බැවින් ඇඳන් පහසුකම් නොමැත.

Ø වැසිකිළි පහසුකම් පවතින අතර ඒවා පිළිසකර කිරීමට කටයුතු කරනු ලැබේ.

(ii) ඔව්.

(iii) 2024 වර්ෂයට අදාළව නැ‍ඟෙනහිර පළාත් සභා අය වැය ප්‍රතිපාදන මඟින් මෙම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය සංවර්ධනය කිරීමට අවශ්‍ය අරමුදල් සඳහා අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව අවශ්‍ය සංවර්ධන කටයුතු මෙම වසරේදී අවසන් කරනු ලැබේ.

(ඈ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks