පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-07
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i), (ii)
ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් පසුව හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් සහ අනතුරුව, දකුණු ආසියා සේවා සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා අක්කර 12 රූඩ් 02 පර්චස් 29ක ඉඩම් ප්‍රමාණය CICT සමාගම විසින් නියෝජනය කරනු ලබන ආයෝජක වන CM Port සමාගම වෙත ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කර ඇත.
ක්‍රියාත්මක කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සවිස්තරාත්මකව දක්වනු ලැබේ.
1.1 කොළඹ වරායේ දකුණු ආසියානු සේවා සැපයුම් මධ්‍යස්ථානය සඳහා ආයෝජනය කිරීම පිළිබඳ යෝජනාවක් චයිනා මර්චන්ට් පෝට් ගෘප් - CICT - සමාගම විසින් ජනාධිපති ලේකම් වෙත ඉදිරිපත් කර ඇති අතර, විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම යෝජනාව සමාලෝචනය කර අනුමත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලෙසට ජනාධිපති ලේකම් විසින් සිය 2021.05.24 දිනැති ලිපිය මඟින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් ලබා දී ඇත. (ඇමුණුම 01හි** දක්වා ඇත)
1.2 ජනාධිපති ලේකම්වරයාගෙන් ලැබුණු ලිපිය සැලකිල්ලට ගනිමින් වරාය හා නාවික අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2021.07.21 දින ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම යෝජනාව ඇගැයීමට අදාළ සියලු කරුණු මෙහෙයවීම සඳහා භාණ්ඩාගාර නියෝජිතයෙකු ඇතුළුව ලේකම්වරුන් තිදෙනෙකුගෙන් හා ප්‍රවීණ තාක්ෂණික නිලධාරින් සිව්දෙනෙකුගෙන් සමන්විත සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමට සහ ගරු නීතිපතිතුමාගේ අනුමැතිය හා අදාළ පාරිසරික අනුකූලතාවන්ට යටත්ව සාකච්ඡා සම්මුති කමිටුව මඟින් අනුමත කරන ලද නියම හා කොන්දේසි මෙම කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2021.07.26 දින අනුමැතිය ලබා දී ඇත. (ඇමුණුම 02හි** දක්වා ඇත)
1.3 එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡා සම්මුති කමිටුව 2021.07.30 දින පත් කර ඇත.
1.4 තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇති 2022.10.27 දිනැති ලිපිය ප්‍රකාරව අක්කර 12, රූඩ් 02, පර්චස් 29 වන ඉඩම් ප්‍රමාණය සඳහා වාර්ෂික බදු කුලිය රුපියල් 1,232,000,000ක් වේ. (ඇමුණුම 03හි** දක්වා ඇත)
1.5 සාකච්ඡා කමිටුව සහ ආයෝජකයා වන CICT සමාගම අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව, ප්‍රසම්පාදනය අවසන් කර 2022.12.22 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති අතර, කොළඹ වරායේ සේවා සැපයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට සහ වසර 50ක කාල සීමාවක් සඳහා සැලසුම්, ඉදිකිරීම්, මූල්‍ය සැපයුම්, සංවර්ධනය, මෙහෙයුම්, කළමනාකරණය, නඩත්තුව සහ පවරාදීමේ පදනම මත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ CICT සමාගම මඟින් නියෝජනය කරනු ලබන ආයෝජක වන CM Port සමාගමට ප්‍රදානය කිරීම සඳහා පහත අනුමැතීන් 2023.01.23 දින ලබා දී ඇත (ඇමුණුම 04හි** දක්වා ඇත)
1.6 මෙම ආයෝජනය ප්‍රකාරව පහත ආකාරවලින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ආදායම් හිමි වනු ඇත.
* රාජ්‍ය භාගය
* ගෙවීම් වාරික
* ඉඩම් කල්බදු කුලී ගෙවීම
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට කිසිදු පාඩුවක් සිදු වී නොමැති බවට අවධාරණය කරනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks