පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1994/2024
ගරු වාසුදේව නානායක්කාර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මහරගම සහ හිරිපිටිය යන ශාඛාවල විශාල මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇති බව දන්නේද;
(ii) එසේ නම්, අවභාවිතා කරන ලද මුදල කොපමණද;
(iii) මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සතියක හෝ සති දෙකක කාලයක් ගත වීමට නිලධාරින්ගේ අසත්භාවය හේතු වී තිබේද;
(iv) මෙම මූල්‍ය අවභාවිතාවයට සම්බන්ධ නිලධාරින් කවුරුන්ද;
(v) එම නිලධාරින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(vi) අවභාවිතා කරන ලද මුදල නැවත අයකර ගනු ලබන ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මූල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් එම ශාඛාවල ප්‍රධානීන් අවසාන වගකීම දැරිය යුතු වන්නේද;
(ii) එසේ නම්, එම ප්‍රධානීන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-13
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිරිපිටිය ශාඛාවට අදාළව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් 2023 ජූනි මාසයට අදාළව බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙළ කිරීමේදී මහරගම ශාඛාවේ මුදල් හිඟතාවක් - cash shortage - සිදුව ඇති බවට 2023.06.26 දින සොයාගෙන ඇත. ඒ අනුව මහරගම ශාඛාවේ 2023.06.02 දින සිට 2023.06.23 දින දක්වා දෛනික මුදල් එකතුවට අදාළ මෙම ආයතනය සතු රුපියල් 5,199,223.41ක් හෝ ඊට ආසන්න මුදලක් මහරගම ශාඛාවේ මුදල් කවුළුවේ සේවයේ නියුතුව සිටි විධායක නිලධාරි (විධායක IV ශ්‍රේණිය) සී. විතානගේ යන අය විසින් වංචනිකව ලබාගෙන ඇති බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.
(ii) ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අභ්‍යන්තර විගණන පරීක්ෂණයට අනුව රුපියල් 5,199,223.41ක් හෝ ඊට ආසන්න මුදලක වංචාවක් සිදුව ඇත.
(iii) නැත. මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ සැනින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ හා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරින් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර මූලික විමර්ශනයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
(iv) මහරගම ශාඛාවේ මුදල් කවුළුවේ සේවයේ නියුතුව සිටි විධායක නිලධාරි (විධායක IV ශ්‍රේණිය) සී. විතානගේ මහතා.
(v) අදාළ නිලධාරියාගේ සේවය වැටුප් ගෙවීමකින් තොරව අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහරගම පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ පැමිණිල්ලක් ගොනු කර ඇත. තවද, ඔහු සම්බන්ධයෙන් ගෘහස්ථ විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
(vi) මේ වන විට විධායක නිලධාරි (විධායක IV ශ්‍රේණිය) සී. විතානගේ යන අයගේ පාරිතෝෂික මුදල් අත්හිටුවා ඇත.
ඊට අමතරව මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මහරගම පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
(ආ) (i) වගකීම දැරිය යුතු වේ.
(ii) ඉහත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ සොයාගැනීම් අනුව මහරගම ශාඛාවේ ශාඛා කළමනාකාරිනි පී.එන්. කාරියවසම් යන අයගේ සේවය වැටුප් ගෙවිමකින් තොරව තහනම් කර ඇති අතර ඇයට විරුද්ධව ගෘහස්ථ විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මූල්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර කළමනාකාරිනි (මූල්‍ය) ලක්ෂිකා මධුවන්ති යන අය විසින් සිය රාජකාරි කටයුතු නිසි අධීක්ෂණයකින් සිදු නොකිරීම දෛනික මුදල් පොත් ගෙන්වා ගැනීමට නිසි වැඩ පිළිවෙළක් නොයෙදීම හා මුදල් බැංකුගත කිරීම් පරීක්ෂා කිරීමට ලබා දී ඇති පහසුකම් භාවිත නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-05-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks