01

E   |     |  

 දිනය: 2024-08-06   පිළිතුර ලබා දී ඇත 

1971/2024: බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම: ක්‍රියාමාර්ග

----

අසන ලද දිනය

2024-08-06

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව,  ශ්‍රී ලංකාවේ ඇති කුකුළු ගොවිපළ සංඛ්‍යාව 22,084කි.

                        ඒවායේ සාමාන්‍ය බිත්තර නිෂ්පාදනය, 

                          2023 වර්ෂයේ බිත්තර මිලියන 2,047.05කි.

                        2024 වර්ෂයේ මැයි වන තෙක් බිත්තර මිලියන 1,073.77කි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 99.74කි.

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව,

2023 වර්ෂයේ මිලියන 168.5කි.

2024 වර්ෂයේ මැයි වන තෙක් මිලියන 65.18කි.

(ii) බිත්තර සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම අනුව වෙළඳ පොළ බිත්තර මිල උච්චාවචනය වේ. එබැවින් ඉල්ලුමට සරිලන සැපයුමක් දේශීය ‍නිෂ්පාදන තුළින් සැපයීම සඳහා නිෂ්පාදන ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත යුතු වේ. ඒ සඳහා අවශ්‍ය මව් සතුන්, අත්‍යවශ්‍ය සත්ව ආහාර අමු ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා සෑම වසරකම අවසන් කාර්තුව තුළදී ඉදිරි වර්ෂයේදී ආනයනය කිරීමට අවශ්‍ය මව් සතුන් සංඛ්‍යාව පුරෝකථනය  කර ආනයනය  ලැබේ.

එසේම කුකුළු ආහාර ප්‍රමාණයද මෙලෙසම ඇස්තමේන්තු කර නියමිත ප්‍රමිතියෙන් යුතු සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කරනු ලැබේ.

ක්ෂේත්‍ර සමීක්ෂණ මඟින් ගොවිපළ ගැටලු හඳුනාගෙන නිෂ්පාදන මිල පහළට ගෙන ඒමට කටයුතු කරනු ලැබේ. මෙහිදී බීජ රක්කනාගාර අභිජනන ගොවිපළ තුළ බෝ වන රෝග පැතිරීම වැළැක්වීමටත් ජෛව ආරක්ෂණ විධිවිධාන නිසි පරිදි පවත්වාගෙන යන්නේද යන්න තහවුරු කිරීමටත් දෙපාර්තමේන්තු නිලධාරින් මඟින් එම පරිශ්‍ර ආවේෂණය කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks