01

E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

1968/2024: රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා: විස්තර

1968/2024

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)       ශ්‍රී ලංකාවේ රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා අතර බලපත්‍ර නොමැතිව ක්‍රියාත්මක කරනු ලබන රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා තිබේද;

(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

(iv) නව රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ආරම්භ කිරීම සඳහා ඉල්ලුම් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)    (i)       ·      භෞමික ගුවන් විදුලි නාළිකා -  51 (ඇමුණුම 01හි** දක්වා ඇත.)

                 ·      භෞමික රූපවාහිනි නාළිකා              - 24 (ඇමුණුම 02හි** දක්වා ඇත.)

        (ii)      වාර්තා වී නොමැත.

        (iii)      අදාළ නැත.

        (iv)      ඔව්. ලැබි ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී.

(ආ)      අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks