01

E   |     |  

 දිනය: 2024-04-26   පිළිතුර ලබා දී ඇත 

1967/2024: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය: 2019 සිට සිදු කරන ලද වැටලීම්

----

අසන ලද දිනය

2024-04-26

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්ෂ 2019 සිට 2024 පෙබරවාරි සඳහා මේ දක්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 92,050කි.

              (ii)      එම වැටලීම් සංඛ්‍යාවෙන් මේ වන විට නීතිමය පියවර ගෙන ඇති සංඛ්‍යාව 87,337කි.

            (iii)      සමථයකට පත් කරගෙන ඇති සංඛ්‍යාව 996කි.

             (iv)      ඔව්.

(ආ)     ක්‍රියාමාර්ග ගෙන නොමැත.

එකම භාණ්ඩය විවිධ මිල ගණන් යටතේ අළෙවි කිරීම හේතු කීපයක් නිසා සිදු විය හැක. උදාහරණ ලෙස භාණ්ඩයේ ගුණාත්මකභාවය නිෂ්පාදකයාගේ වෙළෙඳ නාමය සතු කීර්ති නාමය, භූගෝලීය පිහිටීම, යොදවා ගනු ලබන ඇසු‍රුමේ ස්වභාවය, භාණ්ඩය නිෂ්පාදකයාගේ ධාරිතාව මත මහා පරිමාණ පිරිමැසුම් ලබා ගත හැකි වීම යනාදී කරුණු ගණනාවක් මත එකම භාණ්ඩය විවිධ මිල ගණන් යටතේ වෙළෙඳ පොළේ අළෙවි කරනු ලැබීමේ අවස්ථා ඇත.

තරගකාරී විවෘත වෙළෙඳ ආර්ථික පරිසරයක් තුළ විවිධ වෙ‍ළෙඳ නාම යටතේ විවිධ මිල ගණන්වලට එකම භාණ්ඩය, එනම්  සිමෙන්ති ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍ය, ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍ය වැනි විවිධ වෙළෙඳ නාම යටතේ විවිධ ඇසුරුම් ක්‍රම භාවිත කරමින් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම මත පදනම්ව විවිධ මිල ගණන් යටතේ භාණ්ඩ අළෙවිය සිදු විය හැක. කෙසේ වෙතත්, භාණ්ඩ තෝරා ගැනීමේ අයිතියට කිසිදු බලපෑම් කිරීමක් පාරිභෝගිකයාට සිදු නොවන ආකාරයෙන් භාණ්ඩ අළෙවි කිරීම් වෙළෙන්දන් විසින් සිදු කළ යුතු වේ.

වෙළෙඳ පොළේ විකුණනු ලබන ඇසුරුම් කරන ලද භාණ්ඩවල මිල සහ කල් ඉකුත්වීමේ දිනය අනිවාර්යයෙන් සඳහන් කළ යුතුව ඇති අතර, මෙම නියමයන් උල්ලංඝනය කරන නිෂ්පාදකයන්ට සහ වෙළෙන්දන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගැනීම නොකඩවා සිදු කරනු ලබයි. එසේ වුවද, යම් භාණ්ඩයක අසාමාන්‍ය ලෙස අධික මිලකට අළෙවි වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙතට පැමිණිලි කිරීමේ හැකියාවක් ඇත.

මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ගරු මන්ත්‍රීතුමන්ලා දක්වා ඇති අදහස් හා යෝජනා අනුව දැනට අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල, රක්ෂණ හා ගැල් කුලී අගය, විනිමය අනුපාතිකය, තීරුබදු/ බදු ව්‍යුහයන්, නාස්තිය හා ආන්තිකය ඇතුළු අනෙකුත් මූලිකාංග මත පදනම්ව ඒවායේ ප්‍රකාශිත මිල ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාවලිය මඟින් වෙළෙඳ පොළ මිල ගණන් පිළිබඳව තවදුරටත් පාරිභෝගිකයන් දැනුවත් වනු ඇත. ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර ඇත.

 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks