01

E   |     |  

 දිනය: 2024-09-04   පිළිතුර ලබා දී ඇත 

1946/2024: ගෘහස්ථ කම්කරුවන්: ආරක්ෂාව සහ රැකවරණය

----

අසන ලද දිනය

2024-09-04

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       නැත.

              (ii)       ප්‍රශ්න අංක (i) සඳහා නැත යන අර්ථයෙන් පිළිතුරු ලබා දී ඇති බැවින් අදාළ නොවේ.

             (iii)       ප්‍රශ්න අංක (i) සඳහා නැත යන අර්ථයෙන් පිළිතුරු ලබා දී ඇති බැවින් අදාළ නොවේ.

(ආ)      කම්කරු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන කාර්මික ආරවුල් පනත හැර අනෙකුත් කම්කරු නීති මඟින් ගෘහස්ථ කම්කරුවන් ආවරණය නොවන බැවින් ගෘහස්ථ කම්කරුවන් පිළිබඳ තෙ‍ාරතුරු කම්කරු දෙපාර්තමේන්තුව සතුව නොපවතී.

කෙසේ නමුත් කාර්මික ආරවුල් පනත යටතේ ද ගෘහස්ථ සේවකයෙකුගේ සේවය හාම්පුතෙකු විසින් අවසන් කරන ලද බවට පැමිණිල්ලක් කම්කරු දෙපාර්තමේන්තුව වෙත සිදු කළ අවස්ථාවක දෙපාර්ශ්වය කැඳවා සමථ මාර්ගයෙන් යම් සීමිත මැදිහත් වීමකට බලය ඇත. තවද, කාර්මික ආරවුල් පනත යටතේ පිහිටුවා ඇති සාධාරණ හා යුක්ති සහගත තීරණයක් ලබා දීමට බලය ඇති කම්කරු විනිශ්චය සභාවට ගෘහ සේවකයෙකුගේ සේවය අවසන් කිරීමට අදාළ අයදුම්පතක් සම්බන්ධව සහනයක් හෝ පිහිටක් ලබා දීමට බලය ඇත. කෙසේ වෙතත් ඉදිරියේදී සිදු කරනු ලබන කම්කරු නීති ප්‍රතිසංස්කරණවලදී ගෘහ සේවය කම්කරු නීතිවලින් ආවරණය කිරීමට කටයුතු සිදු කරමින් පවතී.

පිළිතුරු දුන් දිනය

2024-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks