පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1940/2024
ගරු මිලාන් ජයතිලක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමින් අලෙවි කර ඇති එම මණ්ඩලයේ ලොතරැයි පත් සංඛ්‍යාව සහ එමඟින් උපයා ඇති ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 2019 සිට මේ දක්වා එම ආදායමෙන් ජනාධිපති අරමුදලට, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට, භාණ්ඩාගාරයට සහ වෙනත් සුභසාධන කටයුතුවලට ලබා දී ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-13
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2024.04.01 දිනට ජාතික ලොතරැයි මණ්ඩලයේ අළෙවි නියෝජිතයන් සංඛ්‍යාව 3,015කි.
(ii) ජාතික ලොතරැයි මණ්ඩලය විසින් වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමින් අළෙවි කර ඇති ලොතරැයි පත් සංඛ්‍යාව සහ එමඟින් උපයා ඇති ආදායම එක් එක් වර්ෂය අනුව ඇමුණුම 01හි** සඳහන් වේ.
(iii) එම ආදායමෙන් ජනාධිපති අරමුදලට, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට, භාණ්ඩාගාරයට සහ වෙනත් සුබසාධන කටයුතුවලට ලබා දී ඇති මුදල එක් එක් වර්ෂය අනුව ඇමුණුම 02හි** සඳහන් වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-05-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks