පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-09-04
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2023 වර්ෂයේ රබර් ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 98,393ක් වේ.
දෙපාර්තමේන්තුවේ රබර් සංවර්ධන නිලධාරින් මඟින් ඉඩම් සමීක්ෂණයක් 2023/2024 වර්ෂ පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වේ.
(ii)
|
# |
දිස්ත්‍රික්කය |
2023 වර්ෂයේ රබර් ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
1 |
රත්නපුරය |
19,507 |
|
2 |
කොළඹ |
7,015 |
|
3 |
කළුතර |
13,033 |
|
4 |
මොනරාගල |
12,959 |
|
5 |
බදුල්ල |
1,254 |
|
6 |
අම්පාර |
1,159 |
|
7 |
මාතර |
2,101 |
|
8 |
ගාල්ල |
2,855 |
|
9 |
හම්බන්තොට |
378 |
|
10 |
කෑගල්ල |
31,111 |
|
11 |
ගම්පහ |
3,089 |
|
12 |
කුරුණෑගල |
2,374 |
|
13 |
මහනුවර |
786 |
|
14 |
මාතලේ |
734 |
|
15 |
වවුනියාව |
4 |
|
16 |
නුවරඑළිය |
25 |
|
17 |
අනුරාධපුරය |
9 |
|
|
එකතුව |
98,393 |
(iii) ස්වාභාවික රබර් නිෂ්පාදනය, ෂීට් රබර්, සෝල් ක්‍රේප්, ස්ක්‍රැප් ක්‍රේප්, ලේටෙක්ස් ක්‍රේප්, ටී.එස්.ආර්, ලේටෙක්ස් සහ කේන්ද්‍රාපසාරී රබර් ආදී වර්ගවලින් සිදුවන අතර, 2023 වර්ෂයේ සමස්ත රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 64,444කි. ඉන් ෂීට් රබර් නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 32,185ක් වේ.
(iv) 2023 වර්ෂයේ අපනයන ආදායම රුපියල් මිලියන 304,770ක් වේ. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 930කි.
(v) රබර් වගා කරන සාම්ප්‍රදායික ප්‍රදේශවල රබර් වගාව සඳහා වන ඉල්ලුම අඩුවීම හේතුවෙන් එයට විසඳුම් ලෙස සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල රබර් වගා කටයුතු සිදු කරමින් පවතී. මේ සඳහා මොනරාගල, බදුල්ල, අනුරාධපුරය, වවුනියාව සහ අම්පාර දිස්ත්‍රික්ක තෝරා ගෙන ඇති අතර පෞද්ගලික ජල සම්පාදන ක්‍රම සපයා ගැනීමේ හැකියාව මත අනුරාධපුරය, වවුනියාව සහ අම්පාර දිස්ත්‍රික්කවල රබර් වගා කටයුතු සිදු කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks