පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-08-21
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමවල සාමාජික සංඛ්‍යාව පහත දැක්වේ.
|
සාමාජික සංඛ්‍යාව |
විස්තරය |
|
2024.06.30 දිනට 982,624 |
1. ආරස්සාව - සාමාජික සංඛ්‍යාව 455,624 2. සුරැකුම - සාමාජික සංඛ්‍යාව 85,638 3. සහන, තිලිණ, ඉසුරු - සාමාජික සංඛ්‍යාව 441,362 |
(ii) 1996.11.06 දිනැති අංක 948/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති පහත සඳහන් ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයින් මෙම යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලැබීමට සුදුසුකම් ලබයි.
(iii) පසුගිය වසර තුනක සාමාජිකත්වය ලබාගත් සංඛ්‍යාව;
|
වර්ෂය |
සාමාජික සංඛ්‍යාව |
||
|
|
ආරස්සාව |
සුරැකුම |
එකතුව |
|
2021 |
51220 |
7175 |
58395 |
|
2022 |
51726 |
5873 |
65559 |
|
2023 |
59723 |
6725 |
66448 |
|
2024.06.30 දිනට |
13248 |
2039 |
15251 |
(iv) යෝජනා ක්‍රමයේ සාමාජිකයන් වෙත හිමිවන ප්‍රතිලාභ පහත දක්වා ඇත.
වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිවිසගත් විශ්‍රාම වැටුප මාසිකව හිමිවේ. මේ වන විට මාසිකව රුපියල් 500.00 සිට රුපියල් 50,000.00ක් අතර වටිනාකමින් යුතු විශ්‍රාම වැටුපක් ලබා ගන්නා සාමාජිකයන් 35,191දෙනකු සඳහා රුපියල් 407,000,980.00ක පමණ මුදලක් වාර්ෂිකව ගෙවනු ලබයි.
සාමාජිකයකු වයස අවුරුදු 60 එළැඹීමට පෙර මිය යන අවස්ථාවක එම මරණය වෙනුවෙන් සාමාජිකයාගේ උරුමකරුවන් වෙත මරණ පාරිතෝෂික ප්‍රතිලාභයන් හිමිවේ. 2023 වර්ෂය තුළ සාමාජිකයන් 57ක් සඳහා රුපියල් 2,404,513.00ක මුදලක් ගෙවා ඇත.
සාමාජිකයකු වයස අවුරුදු 60 එළැඹීමට පෙර ස්ථිර පූර්ණ හෝ ස්ථිර අර්ධ අබලතාවකට පත්වුවහොත්, අබලතා ප්‍රතිලාභ හිමිවේ. 2023 වර්ෂය තුළ සාමාජිකයන් 23දෙනකු සඳහා රුපියල් 658,570.00ක මුදලක් ගෙවා ඇත.
"ආරස්සාව" පූර්ව සැලසුමට දායක වූ දරුවන් කඩඉම් විභාග සමත් වීමේදී සාමාජික වී ඇති ඔප්පුවේ වටිනාකමට සාපේක්ෂව එක්වරක් පමණක් ගෙවන අධ්‍යාපන ප්‍රතිලාභයක් ගෙවනු ලබයි. 2023 වර්ෂය තුළ සාමාජිකයන් 578දෙනකු සඳහා රුපියල් 7,428,819.00ක් ගෙවා ඇත.
(v) ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් මෙම යෝජනා ක්‍රම සඳහා සාමාජිකයන් බඳවා ගැනීමට පහත දක්වා ඇති නිලධාරි ජාල සම්බන්ධ කර ඇත.
|
ග්‍රාම නිලධාරින් |
චක්‍රලේඛ මඟින් මෙම ජාලයන් වෙත බලය පවරා ඇත. මෙම නිලධාරින්ට බඳවා ගැනීම් කටයුතු ප්‍රවර්ධනය සඳහා කණ්ඩායම් ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම, සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරමින් පවතියි. |
|
සංවර්ධන නිලධාරින් |
|
|
සමෘද්ධි සංවර්ධන නිලධාරින් |
|
|
ආර්ථික සංවර්ධන නිලධාරින් |
|
වෙනත් ආයතන සමඟ සම්බන්ධ වී විශේෂ ප්‍රතිලාභ සහිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, පහත ආයතන සමඟ ගිවිසුම්ගත වී ඇත.
|
ආයතනය |
ආවරණය කරනු ලබන ක්ෂේත්‍රයන් |
|
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව |
කලාකරුවන් |
|
විදේශ සේවා නියුක්ති කාර්යාංශය |
විදේශ රැකියා නියුක්තිකයන් |
|
නාවික ලේකම් කාර්යාලය |
නාවිකයන් |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks