04

E   |     |  

 දිනය: 2024-08-06   පිළිතුර ලබා දී ඇත 

1919/2024: 2019 සිට සිදු වී ඇති ළමා සහ කාන්තා අපචාර/හිංසන සිද්ධි: විස්තර

----

අසන ලද දිනය

2024-08-06

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)     

 

වර්ෂය

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී ඇති ළමා අපයෝජන සංඛ්‍යාව

1938 කාන්තා උපකාරක දුරකථන සේවයට වාර්තා වී ඇති කාන්තා හිංසන පැමිණිලි සංඛ්‍යාව

1

2019

8,558

1,806

2

2020

8,165

3,771

3

2021

11,187

4,976

4

2022

10,497

2,539

5

2023

9,673

2,990

6

2024 ජූනි 30 දක්වා

4,380

1,206

(ii) නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇති ළමා අපචාර හා ළමා හිංසන සම්බන්ධ තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත පද්ධතියට අනුව මේ වනවිට නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇති ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව

වර්ෂය

2019

2020

2021

2022

2023

2024.01.01 දින සිට 2024.06.30 දක්වා

නඩු පවරා ඇති

176

132

123

20

-

-

අධිකරණයට කරුණු වාර්තා කර ඇති

70

302

489

386

430

86

ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ යුතු විමර්ශන කටයුතු පැවතීම්, සමථයකට පත් කිරීම්, සහන සැලසීම්, ප්‍රමාණවත් මැදිහත්වීම් සහිතව අවසන් කිරීම්, ඉල්ලා අස්කර ගැනීම්, ප්‍රමාණවත් තොරතුරු නොලැබීම්, අනාවරණය නොවීම්, විෂය පථයට අදාළ නොවීම්, අසත්‍ය හා වෙනත් හේතු යන වර්ගීකරණ  යටතේ ගැනෙන අතර, එම පැමිණිලි සම්බන්ධව අදාළ වන පරිදි කටයුතු අවසන් කිරීමටත්, තවදුරටත් පවත්වාගෙන යා යුතු විමර්ශන පවත්වාගෙන යෑමටත් කටයුතු කරනු ලබයි.

මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාව ඇමුණුමෙහි දක්වා ඇත.  ඇමුණුම සභාගත* කරමි.

 

නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇති කාන්තා අපචාර හා කාන්තා හිංසන පිළිබඳ තොරතුරු

කාන්තා ප්‍රඥප්තිය ප්‍රකාරව කාන්තා පැමිණිලි සම්බන්ධ විමර්ශන බලතල සහ කාන්තා වින්දිතයන් වෙනුවෙන් නඩු පැවරීමට හැකියාවක් හෙවත් නෛතික බලයක් ජාතික කාන්තා කමිටුවට නොමැති බැවින් ලැබෙන පැමිණිලි, අවශ්‍ය නෛතික ක්‍රියා මාර්ග ගැනීම සඳහා ඒ හා සම්බන්ධ පහත ආයතන වෙත යොමු කරනු ලබයි.

 

යොමු කළ ආයතනය

                           වර්ෂය

 

2019

2020

2021

2022

2023

2024 ජුනි 30 දක්වා

පොලිස් ස්ථාන

89

182

348

195

289

121

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය

-

35

78

18

44

4

නීති ආධාර කොමිෂන් සභාව

115

135

151

96

93

16

ක්වාසි අධිකරණය

-

-

10

15

11

3

එකතුව

204

352

587

324

437

144

ලැබෙන ඉතිරි පැමිණිලි අදාළ වන පරිදි උපදේශන සේවා ලබා දීම, අනෙකුත් සේවා සඳහා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මෙන්ම වෙනත් බාහිර ආයතන සඳහා යොමු කරනු ලබයි.

(iii) සමථයකට පත්ව ඇති ළමා අපචාර හා ළමා හිංසන සම්බන්ධ තොරතුරු

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දත්ත පද්ධතියට අනුව, සමථයකට පත්වී ඇති ළමා අපචාර හා ළමා හිංසන පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

වර්ෂය

සමථයකට පත්ව ඇති ළමා අපචාර හා ළමා හිංසන පැමිණිලි සංඛ්‍යාව

2019

359

2020

341

2021

709

2022

276

2023

309

2024 ජූනි 30 දක්වා

59

සමථයකට පත්ව ඇති කාන්තා අපචාර හා කාන්තා හිංසන සම්බන්ධ තොරතුරු

ඉහත (ii) ප්‍රශ්නයට අදාළව ඒ ඒ ආයතන වෙත යොමු කිරීමෙන් පසු මෙම අමාත්‍යාංශය සතු වාර්තාවලට අනුව 2019 සිට 2024 වර්ෂය දක්වා සමථයකට පත්ව ඇති කාන්තා අපචාර හා හිංසන සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව පහත පරිදි වේ.

වර්ෂය

2019

2020

2021

2022

2023

2024 ජූනි 30 දක්වා

ප්‍රමාණය

125

225

424

215

217

71

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks