පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1917/2024
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2020 සිට මේ දක්වා කම්කරු ආරවුල් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) එම පැමිණිලි අතරින් මේ වනවිට නිරවුල් කර ඇති සහ නිරවුල් කර නොමැති පැමිණිලි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය හරහා වන්දි ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-13
අසන ලද්දේ
ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2020 වර්ෂයේ සිට 2024.04.30 දක්වා කම්කරු ආරාවුල් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 62,620ක් වේ.
(ii) 2020 වර්ෂයේ සිට 2024.04.30 දක්වා කම්කරු ආරාවුල් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලැබී, නිරවුල් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 60,355ක් වේ. 2024.04.30 දිනට නිරවුල් කිරීම සඳහා ඉතිරිව තිබූ පැමිණිලි සංඛ්‍යාව 12,847ක් වේ.
|
වර්ෂය |
ලද පැමිණිලි සංඛ්‍යාව |
නිරවුල් කර ඇති පැමිණිලි සංඛ්‍යාව |
|
2020 |
15,927 |
12,661 |
|
2021 |
12,482 |
12,148 |
|
2022 |
12,959 |
16,107 |
|
2023 |
16,340 |
15,885 |
|
2024.01.01 දින සිට 2024.04.30 දක්වා |
4,912 |
3,554 |
|
මුළු එකතුව |
62,620 |
60,355 |
(iii) 2020 වර්ෂයේ සිට 2024 මාර්තු මාසය දක්වා කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය හරහා වන්දි ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
වර්ෂය |
වන්දි ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව |
|
2020 |
298 |
|
2021 |
277 |
|
2022 |
385 |
|
2023 |
470 |
|
2024.03.31 දක්වා |
86 |
|
මුළු එකතුව |
1,516 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks