01

E   |     |  

 දිනය: 2024-08-06   පිළිතුර ලබා දී ඇත 

1915/2024: සී/ස ලංකා සතොස: ලාභ/පාඩු ලබන අළෙවිසැල්

----

අසන ලද දිනය

2024-08-06

අසන ලද්දේ

ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)          (i)      සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් මේ වන විට පවත්වාගෙන යනු ලබන ශාඛා අළෙවිසැල් සංඛ්‍යාව 444කි.

              (ii)      ඒ අතුරින්,

                        ලාභ ලබන අළෙවිසැල් සංඛ්‍යාව 350කි.

                        අලාභ ලබන අළෙවිසැල් සංඛ්‍යාව 94කි.

(iii) 2022 අගෝස්තු මාසය වන විට අළෙවිසැල් 420ක් ආරම්භ කර තිබූ අතර, ඉන් සියයට 75ක් පමණ අලාභ ලබන තත්ත්වයේ පැවතිණ.

එලෙස ලාභ නොලබන තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතු 2ක් හඳුනා ගන්නා ලදී.

· වෙළඳ සැලකට අවශ්‍ය නියමිත ප්‍රමිතියට ස්ථානගත නොකිරීම.

· අධික භාණ්ඩ හිඟය සහ පාරිභෝගිකයන් හට අවශ්‍ය භාණ්ඩ එම අළෙවිසල්වල නොතිබීම.

 

ඉහත කරුණු සමාලෝචනය කර ලංකා සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සඳහා පහත ක්‍රියා මාර්ග ගන්නා ලදී.

ප්‍රථමයෙන් සියලු  ලංකා සතොස අළෙවිසැල්වල ලාභ - අලාභ ගිණුමේ විස්තරයක් ලබා ගන්නා ලදී.

එසේම, 2022 වසරේ දෙසැම්බර් උත්සව සමයට පෙර, ඒ වන විට ලංකා සතොස ආයතනය තුළ ලියාපදිංචිව සිටි සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කර පාරිභෝගික භාණ්ඩ සියයට 90කට වඩා ස්ථානගත කරන ලදී.

එහිදී වෙළෙඳ සැල් කළමනාකරුවන්ට ඉලක්ක ලබා දී දැඩි සුපරික්ෂාවෙන් කටයුතු කළ අතර, 2023 වසරේ අප්‍රේල් මාසය වන විට අළෙවිසැල් ජාලයේ සියයට 75ක් පමණ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි විය.

මේ ආකාරයට 2023 වසරේ උත්සව සමය ආරම්භයට මාස 2කට පෙර ලංකා සතොස අළෙවිසැල් ජාලයේ වේගයෙන් විකිණෙන පාරිභෝගික භාණ්ඩ (Fast-moving Consumer Goods - FMCG) ලෙස අයිතම 358ක් හඳුනා ගත් අතර, ඒ සියලු භාණ්ඩ උත්සව සමයට පෙර අළෙවිසැල් වෙත යොමු කරන ලදී.

එසේම 2023 වසරේ ජූලි මාසයේ සිට ආනයනික බිත්තර ලංකා සතොස අළෙවිසැල් හරහා බෙදා හැරීමට ගත් තීරණය ඉතා වාසිදායක වූ අතර, බිත්තර ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් හේතුවෙන් cross-sales/ up-sales සිදුවීම ආරම්භ විය. එය අනෙකුත් වෙළෙඳාම වැඩි වෙන්නත් හේතු වුණා.

2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලබා ගත් ලාභය භාවිත කරමින් ලංකා සතොස අළෙවිසැල්වල නවීකරණ කටයුතු ආරම්භ කරන ලදී.

එසේම, කුමන ආකාරයකින්වත් ඉදිරියට ගත නොහැකිව තිබූ අළෙවිසැල් 16ක් වසා දැමීමට ද තීන්දු කරන ලදී.

(iv) ඔව්.

එහිදී පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

  මාස 3ක උපරිම කාලයක් වත්මන් කළමනාකරු යොදාගෙන අළෙවිය වැඩි කර ගැනීමට කටයුතු කිරීම.

එය සාර්ථක නොවන්නේ නම් වත්මන් කළමනාකරු සහ සේවක පිරිස ස්ථාන මාරුකොට පරීක්ෂා කරනු ලැබේ.

එසේම, වෙළෙඳසැල තුළ භාණ්ඩ සුලබ කිරීම, වෙනත් සුදුසු ගොඩනැඟිල්ලකට මාරු කිරීම වැනි ක්‍රියාමාර්ග ද සිදුකර ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා, එයද අසාර්ථක වන්නේ නම් වෙළෙඳසැල වසා දැමීමට කටයුතු කරනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks