01

E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

1912/2024: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය: ආදායම් සහ නඩත්තු වියදම්

1912/2024

ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)           වර්ෂ 2010 සිට 2022 දක්වා මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර  ක්‍රිකට්           ක්‍රිඩාංගනයේ පවත්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව එක් එක්                    වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)          එම එක් එක් තරගයෙන් උපයාගෙන ඇති ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වර්ෂ 2010 සිට 2022 දක්වා එම ක්‍රිඩාංගනය නඩත්තු කිරීම සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ක්‍රිඩාංගනයේ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා හා යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)        2010 සිට 2022 දක්වා මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවත්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව ඇමුණුම 01** මඟින් දක්වා ඇත.

              (ii)        ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලි සඳහා මධ්‍යගත ආදායමක් උපයාගනු ලබන බැවින් එක් එක් තරගයෙන් උපයාගෙන ඇති ආදායම වෙන් වෙන් වශයෙන් දැක්වීමට නොහැකි බව දන්වා ඇත.

              (iii)        නඩත්තු කටයුතු සඳහා වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

(iv) මධ්‍යම පළාත් ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks